gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පනාපුත්‍ර කුහුඹු පැණියා නික්මී තෙමසක් – ජැක්සන් වෙනුවෙන් එක්වුණ කට්ටිය මෙන්න (PHOTOS)

මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.

ජැක්සන්ගේ අතීතය ගැන හෝ ජැක්සන්ගේ අතිශය පුද්ගලික දේත් ජැක්සන්ගේ මරණය හා සමඟ එළියට ඇවිත් තිබුණා.

ඒ රංගන පෞරුෂයට ආදරය කරන පිරිස අදටත් ඔහුගේ මතකයත් එක්ක ඔහු සමගම ඉන්නවා.

ඒ බව ඊයේ ඔප්පු වුණා.

ඒ ඔහුගේ තෙමස් පූර්ණ පිංකම වෙනුවෙන් ගලා ආ සෙනඟ නිසායි.

මැදගොඩ අභයතිස්ස හිමි විසින් මෙහිදි සුමදුර ධර්ම දේශනාවක් දෙසුවේ මියගිය මහා කලාකරුවාට පින් අනුමෝදන් කරමින්.

ආදරණීය බිරිඳ කුමාරි වගේම දරුවන් එකතු වෙලා මේ හැම දෙයක්ම වගේ හොඳින් සංවිධානය කරලා තිබුණා.

ඒත් එක්කම මේ මහා කලා පෞරුෂයට ආදරය කරන ගෞරව කරන බොහෝ දෙනෙක් මේ අවස්ථාවට එක්ව සිටියා.  
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka