gossip lanka

යාපනයේ විද්‍යාගේ කතාව ආයෙත් උඩ එයි.. 2015 මරණ දඬුවම නියම වූ ඒ චූදිතයින්ට හරියටම වෙන්න යන දේ මෙන්න

2015 වසරේ මැයි 13 දින පාසල් යමින් සිටි ඇයට සිදු වූ දේ ඇත්තටම කාටවත් අදහා ගන්නත් බැරි තරම්..

යාපනයේ විද්‍යා සිසුවිය ඝාතනය... 

අදටත් එහෙම කිව්ව ගමන් ඒ කතාව ඔබට මතක් වෙන්නේ අන්න ඒ නිසායි.. මෙලෙස ඇය පැහැරගෙන ගොස් මෙම අපරාධය සිදුකළ අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට පත්වුණා..

පසුව පැවති නඩු විභාගවලදී ඉන් දෙදෙනකු නිදහස් වූ අතර ඉතිරි හත්දෙනාට යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලකින් මරණීය දණ්ඩනය හිමිව තිබුණා..

මෙම විත්තිකරුවන් හත්දෙනා විසින් අභියාචනාධිකරණයට ගොනුකොට ඇති පෙත්සම ලබන 22 වෙනිදාට සලකා බැලීමට අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල පෙරේදා දින නියම කොට තිබුණා..

ඉහත කී විනිසුරු මඩුල්ලේ සාමාජිකයන් වූ යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචෙලියන්, ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේම්ශංකර්, සහ වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂීමහේන්ද්‍රන්ගේ ඒකමතික තීන්දුවක් ලෙස අදාළ දඬුවම ප්‍රකාශයට පත්කළා..

මරණීය දණ්ඩනයට අමතරව සැකකරුවන්ට තවත් වසර 30ක සිරදඬුවමක්ද නියම කෙරුණා..


මෙම දඩුවම්වලින් චූදිතයන්ව නිදහස් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ගොනු කරන ලද පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගපුල්ලි සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී පෙත්සම ජනවාරි 22 වෙනිදාට සළකා බැලීමට මෙම නියෝගය නිකුත් කෙරුණා..
gossip lanka