අනුරාධපුර රුවන්වැලි මහා සෑයට ඉහළින් ඩ්‍රෝන කැමරාවක් පියාසර කරවමින් එහි දර්ශන රූගත කරමින් සිටි චීන ජාතිකයන් දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
අනුරාධපුර උඩමළුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් මෙම චීන ජාතික අඹු සැමි යුවළ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (08) සවස දැඩි ලෙස අවවාද කොට මුදාහැර තිබේ.
එම යුවළ පෙරේදා පෙරවරු 11.40ට පමණ අනවසරයෙන් ඩ්‍රෝන කැමරාව පියාසර කරමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත භාරදී තිබේ.