3 වන චාල්ස් රජුගේ එකම සොහොයුරිය වන ඈන් කුමරිය අද මෙරටට පැමිණෙනවා...
ශ්‍රී ලංකාව සහ එක්සත් රාජධානිය අතර රාජ්‍යත්‍රාන්තික සබඳතා ආරම්භ කර වසර 75ක් ගතවීම නිමිත්තෙන් ඈන් කුමරිය සහ ඇගේ සැමියා වන ශ්‍රීමත් තිමති ලෝරන්ස් තෙදින නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිතයි..
ඇය මෙම රාජ්‍යත්‍රාන්තික ගමනට සමගාමීව මහනුවර සහ යාපනයේ ද සංචාරය කිරීමට ද නියමිතයි..
එසේම ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමගද සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා..
1995 වසරේදී ද ඇය මෙරටට පැමිණි අතර ඈන් කුමරියගේ මෙරට සංචාරය මෙම වසරේ රාජකීය පවුලේ සාමාජිකයෙකු සිදු කරන පළමු විදෙස් සංචාරය වීමද විශේෂත්වයක්..