යුක්‍රේන යුද්ධයේදී රුසියාව වෙනුවෙන් සටන් කරන විදේශිකයන්ට රුසියාවේ පුරවැසිභාවය ලබාදීමට ජනාධිපති ව්ලැදිමීර් පුටින් තීරණය කර තිබෙනවා.
ඒ සඳහා අවසරය ලබාදෙමින් රුසියානු ජනාධිපතිවරයා නියෝගයක් ද නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
හමුදාවට එක්වන විදේශිකයින්ට පමණක් නොව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ද රුසියාවේ පුරවැසිභාවය ලබාදීමට ජනාධිපති පුටින් තීරණය කර තිබෙනවා.
කෙසේවෙතත් හමුදා පුහුණුව සහිත විදේශිකයන් රුසියානු හමුදාවට බඳවා ගැනීම ජනාධිපති පුටින්ගේ අරමුණ වී ඇති බව සඳහන්.
කෙසේවෙතත් විදෙස් මාධ්‍ය පැවසුවේ යුක්‍රේන යුද්ධය හේතුවෙන් මේවනවිටත් රුසියානු හමුදාවට ලක්ෂ තුනක පමණ භට පිරිසක් අහිමි වී ඇති බවයි.
එමෙන්ම රුසියාව දැනටමත් කුලී හමුදාවන්ගේ ද සහය ලබාගන්නා අතර වැග්නර් යනු එවැනි හමුදා කණ්ඩායමක්.
කෙසේවෙතත් රුසියාවේ මෙම ක්‍රියාකලාපය හමුවේ හමුදාව තුළ විනය පවත්වා ගැනීම දැඩි අර්බුධයකට පත්ව ඇතැයි වාර්තා වෙනවා.
විදෙස් මාධ්‍ය පවසන්නේ රුසියානු හමුදාවේ ඇතැම් සොල්දාදුවන් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටින බවයි. එමෙන්ම හමුදා සාමාජිකයින් අතර අභ්‍යන්තර ගැටුම් පවතින බව ද විදෙස් වාර්තාවල සඳහන්