gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වියරු පෙම්වතාගේ පිහි පහරින් තරුණ පෙම්වතිය මරුට!

සිය රූමත් පෙම්වතිය සමග ඇතිවූ බයින් බස් විමකින් අනතුරුව පෙම්වතා විසින් ඇයට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.
24 හැවිරිදි සැකකාර පෙම්වතා ඝාතනයට යොදාගත් පීහියත් සමග පොලිසි‍ය මගින්  ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල බටකැත්තර   එල් එස් වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි ඇඟලුම් සේවිකාවක් ලෙස රැකියාව කරන ජේ එම් අයේෂා ලක්මිණි නැමැති 26 හැවිරිදි තරුණියකි.

ඝාතනයට ලක් වූ තරුණිය සිය මව පියා හා සහෝදරයා සමග  එල් එස් වත්ත  නිවසක කොටසකට කුලී පදනම මත  මීට වසර එකහමාරකට පමණ ඉහතදී පැමිණ ඇතැයි පොලිසිය කියයි.

සැකකාර පෙම්වතා සමඟ ඝාතනයට ලක් වූ තරුණිය මීට වසර තුනකට පමණ ඉහතදී ප්‍රේම සබඳතාවයක් ගොඩනගාගෙන තිබී ඇති අතර  මාස තුනක පමණ කාලයක සිට  ඇය පෙම්වතා මගහැරීමට    කටයුතු කර ඇති බව  සැකකරුගේ   පාපෝච්චාරණයකින් අනාවරණය වී යැයි පොලිසිය කියයි

ඊයේ (7) දින  ද  සැකකාර පෙම්වතා   සිය යතුරුපැදියෙන් පෙම්වතිය හමුවීම සඳහා නිවසට පැමිණ මද වේලාවක් කතාබස් කරමින් සිට  පිටවී ගොස්   මඳ වේලාවකදී  නිවසට පැමිණ  අනතුරුව ඇතිවූ බයින් බස් වීමකින් අනතුරුව සඟවාගෙන සිටි උල් පිහියෙන් ඇයගේ පපු පෙදෙසට ,හිසට,යටි බඩ පෙදෙස ඇතුළු   හය පොළකට පිහි පහර එල්ල කර තිබූ    බව  පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත

පෙම්වතාගේ පීහි ප්‍රහාරයෙන් ඇති වූ තුවාල සහිතව නිවසින් එළියට පලා ආ තරුණිය අම්මේ, තාත්තේ, මට පිහියෙන් ඇන්නා යැයි කෑ ගසා හඬා වැටෙමින්  නිවස ඉදිරිපිට ලේ විලක් මැද ඇද වැටී තිබේ. ඒ  සමගම එම ශබ්දය ඇසී එම ස්ථානයට දිවා  නිවෙස් හිමි කාන්තාව වහා දිව ගොස්  යාබද නිවසක තීරෝද රථයක් ගෙන්වාගෙන තරුණිය රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත

ඒ අතරතුර සැකකාර පෙම්වතා ඝාතනයට යොදාගත් පිහිය ඉනේ ගසාගෙන යතුරුපැදියේ නැගී පලායාමට තැත් කිරීමේදී අසල්වාසී තරුණයන් විසින් ඔහු අල්ලාගෙන  ඒ  බව පිළියන්දල පොලිසිය වෙත දැනුම් දී  ඔහු පොලිසිය  වෙත භාරදී ඇත


එසැකකරු ඝාතනය සඳහා යොදාගත් උල් පිහිය මිලදීගෙන ඇත්තේ බට කැත්තර ප්‍රදේශයේ වෙළෙඳ සැලකින් බවට පොලිස්  විමර්ශනවලදී අනාවරණය වී ඇත

රෝහල් ගත කළ තරුණිය රෝහල් ගත කරනවිටත්   මියගොස් සිට ඇතැයි  පොලිසිය සඳහන් කරයි.

ගල්කිස්ස අපරාධ ස්ථාන  පරීක්ෂණාගාර නිලධාරීන් පැමිණ පරීක්ෂණ පැවැත්වූහ.

සුමිත් පොතුපිටිය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka