gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වහ බිව්වෙ සෝවාන් වෙන්න නෙමෙයි… ජීවත් වෙන්න බැරි නිසා - අන්තවාදී දේශකයාගේ වස බිව්ව අනුගාමිකයා පොලිසියට කියයි!

ආගමික අන්තවාදී දේශන පවත්වා මියගිය බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ අවමංගල උත්සවයට සහභාගි වී දිඹුලාගල සිරිපුර අංක 31 පළුදෙනිය ලිපිනයේ පදිංචිව වස බී රෝහල්ගත කරන ලද පුද්ගලයා 2017 වසරේ සිට ඔහුගේ දේශන විස්සකට පමණ සහභාගි වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බව සිරිපුර පොලිසිය කියයි.
වස පානය කිරීමෙන් අනතුරුව අසාධ්‍යව දෙහිඅත්තකන්ඩිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබුවේ උනප්පුවේ ගෙදර ශසිඳු අමල්ක විමලරත්න යන විසිහය වියති එක්දරු පියකි.

ඔහු මේ වනවිට සුවය ලබා නිවසට පැමිණ ඇති අතර ඔහු 2017 වසරේ සිට  රුවන් ප්‍රසන්න ගුණරත නැමැත්තාගේ දේශන විස්සකට පමණ සහභාගී වු බවට ඔහු විසින් පිළිගෙන තිබෙන බවද, සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂකයින් ජී.ආර්.ජී නෙත්තසූරීය  අප කළ විමසීමකදී පැවසීය.

කෙසේ වෙතත් ඔහු වස පානය කරන ලද්දේ දේශන අසා සෝවාන් වීමට නොව පැවති ආර්ථික තත්ත්වය උසුලා ගැනීමට නොහැකි වූ බවට වස බී පුද්ගලයාත්  ඔහුගේ පියා හා බිරිදත් විසින් පොලිසියට කරුණු දක්වා ඇති     බවද සිරිපුර පොලිසිය කියයි.

ආගමික අන්තවාදී  දේශන පැවැත්වූ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තා දෙහිඅත්තකන්ඩිය පොලිසියේ එවකට සේවය කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකුට අයත් නිවසක වසර හයක පමණ කාලයක් කුලී පදනම මත නවාතැන් ගෙන සිටි කාලයේ පොලිස් කොස්තාපල්වරයාගේ බිරිය පවා දේශනවලට සහභාගි වී ඇති බවට තොරතුරු  හෙළිදරව් වී ඇති බව සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.ආර්.ජී. නෙත්සූරිය  අප කළ විමසීමකදී වැඩිදුරටත් සඳහන් කළේය.


රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ ආගමික දර්ශනය පිළිබඳ දේශන කිහිපයකට සහභාගි වූ පවුල් කිහිපයක් සිරිපුර ප්‍රදේශයේ සිටින බවට හඳුනාගෙන ඇති බවද පරීක්ෂණ පවත්වන සිරිපුර පොලිසිය සඳහන් කරයි.

රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තා දෙසැම්බර් 28 හෝමාගම මාකුඹුර ප්‍රදේශයේදී උග්‍ර වස වර්ගයක්, භාවිතා කර සියදිවි හානි කරගෙන තිබූ බවත්, ඊට දින දෙකකට පසු ඔහුගේ බිරිය සහ දරුවන් තිදෙනා එලෙසම සියදිවි හානි කරගෙන තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා  ගේ උපදෙස් පරිදි වැලිකන්ද ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් ආස්මඩල  ගේ මෙහෙයවීමෙන් සිරිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී,ආර්.ජී. නෙත්තසූරීය   ඇතුළු පොලිස් නිලධාරි කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

මනම්පිටිය නිමල් ජයරත්න
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka