gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවු. 24 කෙල්ලගේ ත්‍රිරෝද කොල්ලය වැරදෙයි – කුළී ගමනට මුවා වී මගදී වැඩේට බැහැලා!

කුළී ගමනක් යෑමට අවශ්‍ය බව පවසා ගොඩකවෙල නගරයෙන් ත්‍රිරෝද රථයකට නැගගත් 24 හැවිරිදි තරුණ කාන්තාවක් ත්‍රිරෝද රථ රියදුරුගේ ගෙල රෙදි කැබැල්ලකින් තද කර මුහුණ ආවරණය කර ත්‍රිරෝද රථය කොල්ලකෑමට උත්සාහ දැරීම සම්බන්ධව ගොඩකවෙල පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

ගොඩකවෙල නගරයෙන් මෙම තරුණ කාන්තාව ත්‍රිරෝද රථයට නැග ගත් අතර කිලෝමීටර් දෙකක් දුර ගොඩකවෙල රන්වල මාර්ගයේ ගමන් කරද්දී පිටුපස අසුනේ සිට ඉදිරිපස අසුනේ සිටි ත්‍රිරෝද රථ රියදුරුගේ ගෙල රෙදි කැබැල්ලකින් තද කර ඇතැයි රියදුරු පොලිසියට පවසා තිබේ.

ඒ අවස්ථාවේදී ත්‍රිරෝද රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරු පැදියක ගැටී ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට ගොස් නතර වී තිබේ. ඒ අවස්ථාවේදී එතැනට පැමිණි ගම්වාසීන් විසින් සැකකාර කාන්තාව අල්ලාගෙන පොලිසියට භාරදී තිබේ. තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු ගොඩකවෙල රෝහලට ඇතුළත් කර තිබේ. සැකකාර කාන්තාව මත්ද්‍රව්‍ය පාවිච්චියට ඇබ්බැහි වී සිටින අයෙක් බව පොලිසිය පවසයි. ගොඩකවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

කහවත්ත සමරවීර නිරෝෂණ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka