gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'දුව ලස්සනයිනේ, හොඳම යාලුවා... ඌ ---කාරයෙක්..' - රශ්මිකා නදීශානිගේ 'මළසිරුර' ගොඩට ගෙන 'නිරුවස්තර' කරපු පාපතරයා කවුද?

 
'මළසිරුරකට එහෙම කරන්න පුළුවන්ද???'

'උන්ට හිතක් පපුවක් නැද්ද? නැත්තම් උන්ගේ හැටිද??????'

'හිරිකිතයක් නැද්ද??? පිළිකුලක් නැද්ද????'

'සුරූපිනියකගේ' මළසිරුරක් ගොඩ ගෙන නිරුවත් කෙරූ 'පාපතරයෙකු'ගේ පුවතක් ඊයේ දිනයේ සමාජ මාධ්‍ය තුළ දැඩි 'කතාබහට' ලක්වුණා ඔබත් දකින්න ඇති.

බණ්ඩාරවෙල ප්‍රදේශයේ 'නියුමෝනියා' රෝගයෙන් මිය ගිය තරුණියකගේ දේහයක් මෙසේ 'ගොඩට ගෙන' නිරුවත් කර ඇති බවටයි තොරතුරු වාර්තා වූයේ. (ඇය මියගොස් තිබුණේ පසුගිය 3 වැනි දිනයි....)




අද දිනයේ 'පවත්වන්නට' යෙදෙන ඇගේ දානමය පිංකම නිසා ඊයේ දින අලුයම ඇගේ 'පියා' විසින් ඇය 'මිහිදන්' කෙරූ සොහොන වෙත ගොස් තිබුණා.

නමුත් එහිදී ඔහු දැක තිබුණේ 'හදවත කම්පා කරවන' දසුනක්.

ඒ දින කිහිපයකට පෙර මිහිදන් කෙරූ, සිය ලෙයින් උපන් 'දියණිය' නිරුවත් කොට ඇති අයුරුයි. (අනතුරුව පියා මේ සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය ද දැනුම්වත් කර තිබෙනවා...)

බණ්ඩාරවෙලා, බදුලුගස්තැන්න පදිංචි 'රශ්මිකා නදීශානි' නම් තරුණියකගේ සිරුර මෙසේ 'පාපතරයෙකු' විසින් හිත්පිත් නැතිව 'කිළිටි' කොට තිබුණා.




'උදලු ගාලා තිබුණා.. උඩට ඇදලා දාලා. පෙට්ටියක් කෑලි කරලා.... මේ අපරාධකරුවන්ට දඬුවම් දෙන්න... එච්චරයි...' (රශ්මිකාගේ දියණිය)

'තාත්තා මේක දැකලා කම්පනයට පත්වෙලා මට ඇවිත් සිද්ධිය කිවුවා, මෙහෙම දෙයක් වෙලා තියනවා කියලා. පොලිසිය කතා කරලා කියන්න කියලා...' (අසැල්වැසියෙක් කියන කතාව...)

'මේක වෙන්න ඇත්තෙ ගංජාකාරයෙක් හරි කුඩුකාරයෙක් හරි අසහානකාරයෙක් හරි කවුරු හරි අතින් තමා. දුවත් ලස්සනයිනේ. මටත් දුවෙක් ඉන්නවා. දුවගේ හොඳම යාලුවා. පණ තියෙන කෙනෙකුට කොහොම කරයිද?? මරණයක්වත් වලේ දාගන්න වෙන්නෙ නෑ මේ වගේ දේවල් අහනකොට...' (අසල්වැසි කාන්තාවක් කියූ කතාව...)




තරුණියගේ සිරුර ගොඩ ගැනීමට භාවිතා කෙරූ 'සවලක්' ද පොලිසිය විසින් සොයා ගනු ලැබුවා. 'සවලක්' පමණක් නොව 'වතුර ටැංකියක' පියනක් ද වළ හැරීමට යොදාගෙන ඇති අයුරු පොලිසියට නිරීක්ෂණය වී තිබුණා.

කෙසේ හෝ පොලිසිය ද 'සැක පහළ' කරන්නෙ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ යමෙක් තරුණියව 'ලිංගික අපයෝජනයට' ලක් කරන්නට ඇති බවට යි.

සැබැවින්ම මළසිරුරු සමඟ ලිංගිකව එක්වනවා යනු ජුගුප්සාව දනවන හැසිරීමක් වන අතර මෙය මනෝවිද්‍යාවේදී නම් කෙරෙන්නේ (Necrophilia) ලෙසට යි.

මෙහි සිංහල අරුත විග්‍රහයට ගතහොත් මියගිය තැනැත්තන් මියගිය අයගේ සිරුර (මෘතදේහ) කෙරෙහි ඇතිවන ලිංගික ආකර්ෂණය සහ මෘතදේහ සමග ලිංගික ක්‍රියාවල නියෑලීමට යෙදීමට දක්‌වන්නාවූ අරුමාකාර ආශාව ලෙසට නම් කළ හැකියි.

මෙම චර්යාවට යොමුවූ නැනැත්තන් එළිපිට හඳුනාගැනීම සොයාගැනීම උග්‍රතර අපහසු කාරණයක්.

එහෙත් මෙබඳු තැනැත්තන් 34 දෙනෙකු යොදා සුවිශේෂී ආයතනයක්‌ දියත් කළ Rosman හා Resnick (1989) මළමිනියක්‌ සමගින් තම රාගය අවදි කරවා ගන්නට ඔවුන් යොමු වූ පොළඹවනු ලැබූ කාරණාවන් පිළිබඳව අධ්‍යයනයක නිරත වූවා. එම අධ්‍යයනයට අනුව එම පුද්ගලයන් මෙලෙසින් තම චර්යාවට අනුගත වූයේ කාරණාවන් කිහිපයක්‌ මුල්කරගෙන යි.

තමන්ගේ පරලොව ගිය සොඳුරිය තමන් ව ප්‍රතික්‌ෂේප නොකරන තමන්ට එරෙහිව ප්‍රතිචාර නොදක්‌වන තැනැත්තියක වීම. මළ මිනියකට තමන්ට ලිංගික හිංසනයන්ගෙන් අතවරයන් කරන්නට එන තැනැත්තාට එරෙහිව ප්‍රතිචාර ප්‍රතික්‍රියා දැක්‌විය නොහැකියි. එම නිසා ඔවුහු මෙම ක්‍රියාවලට ප්‍රිය කළ බව අදාළ පර්යේෂණයේදී 68 දෙනෙක්‌ ප්‍රකාශ කර තිබුණා.

ප්‍රේමයෙන් වෙලී හද බැඳී ඒ රුව මිලින වී ගිය පසුද තමන්ගේ මියගිය රසවතිය සමගින් අතීත ආදරයට පණදීම සඳහාම මෙබඳු ක්‍රියාවක නිරත වූ බව මෙම පර්යේෂණයට යොමුවූ 21 දෙනෙක් පැවසුවා.

මළ මිනියක්‌ දුටුවිට තමන්ගේ සරාගී සිත තුළ ඇති ලිංගික සහජාශයන් ප්‍රබල වූ නිසා නිසල මළ සිරුර සමඟ ලිංගිකව එක්‌ වූ බව තවත් 15 දෙනෙකු සඳහන් කර තිබුණා.

තමන් හුදකලාව සිටින නිසා තමන්ගේ තනිකම පාලුව යටපත් කර ගැනීම සඳහාත් තමන්ට කිසියම් ආත්මීය පහසුවක්‌ ලබාගැනීම සඳහා මෙම හැසිරීමට තමන් යොමු වූ බවයි මෙයින් 15 දෙනෙකු සඳහන් කර තිබුණේ.

තමන් විසින් ඝාතනය කරනු ලැබූ තැනැත්තියකට එරෙහිව ලිංගික ක්‍රියාවක යෙදීමෙන් තමන් සතු බලය ප්‍රකාශ කිරීමට මෙම චර්යාවෙහි නිමග්න වූ බව 12 දෙනෙක් සඳහන් කර තිබුණා.

නිසල මළ සිරුරක්‌ සමග ලිංගික පහසුව සොයන මේ අරුමාකාර ලිංගික රාගිකත්වය හෙවත් Necrophilia පිළිබඳව පර්යේෂණ ලෝකයේ සිදුව ඇත්තේ අවම වශයෙනුයි. සත්ව විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ මෙම හැසිරීම් රටාවන් සත්ත්ව පරපුරේ උරග විශේෂ වඳුරු විශේෂයන් අතරේදී දැකගත හැකි බවයි.

එහෙත් මානව සමාජයේ මේ වන විටත් මෙම චර්යාවට යොමු වූවන් පිළිබඳව කතිකාවතක්‌ දක්‌නට තිබේ. Rosman සහ Resnick ප්‍රකාශ කරන්නේ මෙබඳු හැසිරීමත් පිළිබඳව තමන්ගේ නින්දේදී කල්ගත කර සිහින දකින උදවිය සිටියත් ඒවා ප්‍රායෝගික ලෝකයේදී ක්‍රියාත්මක කරන්නට බොහෝ දෙනා බියවන වගයි. එහෙත් Kiaf සහ Brown යන පර්යේෂකයන් පෙන්වාදෙන්නේ මළමිනී සමග ලිංගික කාර්යයන් පිළිබඳව සිහින දකින සිහින මවන උදවිය සමාජයේ අප සිතනවාට වඩා බෙහෙවින් ඉහළ මට්‌ටමක සිටින බවයි.

අපි මෙම Necrophilia හෙවත් 'මළසිරුරු' හා ලිංගික කාර්යයේ යෙදෙන පිරිස් සම්බන්ධයෙන් වන 'මානසික තත්ත්වයන්' ගැන, රජයේ විශ්ව විද්‍යාලයක මනෝ විද්‍යා විශේෂවේදී අවසන් වසර 'විද්‍යාර්ථයෙක්' සමඟ කතා බහ කළා...

ඇත්තටම මළසිරුරු සමඟ එකතු වෙන හැම කෙනාම මානසික රෝගීයෙක්ද?

එහෙමම අර්ථ දක්වන්න අමාරුයි. මළසිරුරක් කියන්නේ අප්‍රාණික දෙයක්.. ඒ කියන්නේ පණ නැති වස්තුවක්.. ඒ වගේ කෙනෙක් එක්ක ලිංගිකව එකතු කරන්න ආස කරනවනම් ඒක අපිට මානසික තත්ත්වයේ අවුලක් කියලා සරලවම හඳුන්වන්න පුළුවන්. ඒ දේ වෙන්නේ ඒ කෙනාගේ ඒ මොහොතේ මානසික තත්ත්වය අනුව. මෙහෙම හිතන්නකෝ.. කෙනෙක් මළසිරුරක් සමඟ ලිංගිකව එකතු වෙනවා. පස්සෙ එයාට පසුතැවීමක් ඇති වෙනවා තමන් කරපු දේ ගැන.. ඒක එයා කරන්නේ තමන්ට ඒ මොහොතේ ඇති වන හදිසි ආශාව නිසා.. එක්කෝ අර නිරුවත් ශරීරය දැකලා පාලනය කරගන්න බැරිම තැන ඒ දේවල් සිද්ධ වෙනවා. බොහෝ වෙලාවට මේ දේවල් සිද්ධ වෙන්නේ මිනී එම්බාම් කරන පුද්ගලයින් අතින්...

මේ දේ අපිට වර්ග කිරීමක් කරන්න පුළුවන්ද?

මෙහෙමයි... හුඟක් වෙලාවට බොහෝ දෙනෙක් මේ විදිහේ අස්වාභාවික හැසිරීමකින් පෙන්නුම් කරන්නේ ඒ අයගේ සැබෑ ජීවිතේ බිඳ වැටීම්. මම මෙහෙම කියන්නම්කෝ.. හුඟක් මළසිරුරු එක්ක සංසර්ගයේ යෙදෙන්න ගන්න පිරිසක් ඉන්නවා ඔවුන් සැබෑ ජීවිතේ ලිංගික අප්‍රාණිකත්වයෙන් පෙළෙන පිරිස්.. ඒ කියන්නේ ඔවුන් ඔවුන්ගේ සහකාරියගෙන් ප්‍රතික්ෂේප වුණු අය. ඉතින් ඔවුන්ට උවමනා වෙනවා ඒ දේ වෙන කෙනෙක් ලව්වා සපුර ගන්න. ඒක තරම් අමානුෂික වුණත් අර කිසිම ජීවයක් නැති මළසිරුරකින් ඔවුන් සතුටු වෙන්න උත්සහා කරනවා වෙන්න පුළුවන්...

ඊළඟ දේ තමයි සමහර අයගේ මානසික තත්ත්වය අනුව ඔවුන් ආස කරන්නේ ලිංගික කාර්යේදී සපා කෑම්, සියුම් සිපගැනීම්, රිදවීම්.. ආදි දේවල්-වලින් තෘප්තිමත් වෙන්න.. මේක සාමාන්‍ය ලිංගික චර්යාව නොවන නිසා ඔවුනුත් මේ කියන කැටගරි එකට වැටෙනවා. ඉතින් මම කලින් කිව්වා වගේම මේ අපි කතා කරන මළසිරුරු සමඟ ඇත්තටම සහ සම්බන්ධ වෙන්නේ ලිංගික කාර්යය වෙනුවෙන්ම නෙවෙයි. ඔවුන් ආසයි අර කියන පුංචි පුංචි දේවල්වලිනුත් තෘප්තිමත් වෙන්න. ඔවුන් ඒ සිරුර ස්පර්ශ කරමින්, සපා කමින් හෝ රිදවීම් මඟින් ඒ තෘප්තිය ලබා ගන්නවා.

අනිත් දේ තමයි.. සමහර පුද්ගලයෝ ඉන්නවා ඔවුන් කැමතියි කුඩා දරුවන් ලවා සතුටු වෙන්න... ඒක සැබෑ ජීවිතයේදී ඔවුන්ට අතිශය අපහසු කාරණාවක්. ඔවුන්ට සිතැඟි පරිදි ඒ දේවල්-වලට යොමු වෙන්න බැහැ. මේ හේතුව මත අර ඇතැම් මළසිරුරු එක්ක ලිංගිකව හැසිරෙමින් හෝ ඔවුන් තමන්ගේ ආශාවන් ඉටු කරගන්නවා. මේ දේවල් සදාචාරාත්මකව කිසිසේත්ම අනුමත කරන්න පුළුවන් දේවල් නෙවෙයි. නමුත් මේ විදිහේ ඇබ්බැහි වීම්... මේ විදිහේ මානසික මට්ටම් තියෙන පුද්ගලයන් අපි අතරේ ඉන්නවා..

ඒ වගේම තමයි.. වයෝවෘද්ධ කාන්තාවන්ට ප්‍රිය කරන අය.. ඒ අයගෙන් ලිංගික තෘප්තිය බලාපොරොත්තු වෙන අය.. මේ හැමදේම වගේ... ලිංගික කාර්යයම බලාපොරොත්තු නොවී නග්න සිරුරක් දැකලා තෘප්තිය ලබන්න ආස කරන අය ඉන්නවා. මේ කියන නග්න සිරුරු හැබැහින් දකින්න ආස කරන පුද්ගලයෝ ඒ ශරීරය අල්ලන්නෙවත් නැතුව ඒ දිහා බලලා තෘප්තිමත් වෙනවා.

ආශ්‍රිත තොරතුරු ඩබ්ලිව්. ඒ. සරත්චන්ද්‍ර (සමාජවිද්‍යාව හා අපරාධ විද්‍යාව පිළිබඳ හිටපු කථිකාචාර්ය)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka