gossip lanka

වාහන මිලට ගෙන දින 14ක් ඇතුළත තම නමට පවරා නොගන්නා අයට දඩ!

රථ වාහන මිලදී ගෙන තමාගේ නමට ලියා­ප­දිංචි නොකර භාවිත කරන වාහන හිමි­ය­න්ගෙන් වාහ­නය මිල දී ගත් දිනයේ සිට දින 14න් පසුව රුපි­යල් සියය ගණනේ දඩ අය­ක­රන බව මොර්ට රථ ප්‍රවා­හන කොම­සා­රිස් නිශාන්ත අනු­රුද්ධ මහතා පැවැ­සීය.

වාහන මිලට ගන්නා බොහෝ පරි­සක් ඕපන් පේපර්ස් (open papers)  වාහන පැව­රීම් සිදු නොකර සිටින බවට තහ­වරු වී ඇත. එලෙස අනා­ව­ර­ණය වන්නන්ට මේ දඩ මුදල් ගෙවී­මට සිදු වනු ඇතැ­යිද ඔහු කියා සිටි­යේය. වැඩ බලන  පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාගේ උප­දෙස් මත ක්‍රියා­ත්මක කරන කොළඹ නග­රයේ ස්ථාප­නය කර ඇති කැමරා පද්ධ­තිය හරහා මාර්ග නීති කඩ කරන රිය­දු­රන් හඳුනා ගනි­මින් දඩ පැන­වීමේ වැඩ­ස­ට­හන යටතේ අද සිට විශාල පිරි­සක් හඳුනා ගැනෙනු ඇතැයි කී ඒ මහතා ඒ අනුව ඔවුන්ට මේ දඩ මුදල් ගෙවී­මට සිදු වනු ඇතැ­යිද කීවේය.

ඇතැම් වාහන  විවෘත පත්‍රිකා ඔස්සේ පුද්ග­ල­යන් කිහිප දෙදෙ­නකු අතින් අත ගොස් සැබෑ ලියා­ප­දිංචි හිමි­කරු සොයා ගැනීම අසීරු වී ඇති බවත් කී ඒ මහතා යම් වාහ­න­යක් තවත් අය­කු­ගෙන් මිල දී ගත්තේ නම් එය කඩි­න­මින් තමන්ගේ නමින් ලියා­ප­දිං­චි­ක­ර­ගත යුතුව ඇති බවත් වැඩි­දු­ර­ටත් කියා සිටි­යේය.

දින­මිණ
gossip lanka