gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නාරම්මල රොෂාන්ගේ අවමංගල උත්සවයේ දී තරුණයෙක්ගෙන් සැර කතාවක්!

ඉකුත් දා නාරම්මල දී පොලිස් උප පරීක්ෂකවරයෙකුගේ වෙඩි පහරකින් ඝාතනය වූ රොෂාන් කුමාරසිරිගේ අවසන් කටයුතු ඊයේ (21) සිදු කෙරුණා.

ඒ වෙඬරුකන්ද සුසාන භූමියේ දී යි.

එහි දී අවමංගල සභාවේ සිටි පිරිස අමතමින් මියගිය රොෂාන්ගේ හිතවතෙක් පැවසුවේ, වැඩබලන පොලිස්පතිවරයා රොෂාන් වෙනුවෙන් එම පවුලට ලබා දුන් මුදලට අනවශ්‍ය බර තැබීමක් කරමින්, ඒ සඳහා උලුප්පා දක්වන බවයි.

මේ අතර ඔහු වැඩිදුරටත් පැවසුවේ, රොෂාන්ට සාධාරණයක් සිදු වීමට නම් සිද්ධියේ විමර්ශන වන තුරු පස්සෙන් යාමට සිදුවන බව පොලිස් නිලධාරියෙකු පැවසූ බවයි.

කෙසේ නමුත් සමාජ මාධ්‍ය සහ මාධ්‍ය නොතිබෙන්නට ‍රොෂාන්ගේ ඝාතනය වෙතත් අතකට යාමට තිබූ බවත් ඔහු එහි දී පැවසුවා.

එහි දී අදාළ තරුණයා අවමංගල සභාව අමතමින් පැවසුවේ, “මිනී මරලා එළියට එන්නෙ නැතුව හිටපු අය නෑ. මං හිතන්නෙ මේ මනුස්සයත් එළියට එයි. හැබැයි අපෙ මංජු අයියා ආපිට එන්නෙ නැහැ. පොලිස්පති ඇවිත් යම් කිසි මුදලක් දීලා ගියා. හැබැයි ලොකු ගණංවලින් කිව්වා. හැබැයි රුපියල් ලක්ෂවලින් කිව්වොත් පොඩි මුදලක්. මාස හතරක් පහක් ජීවත් වෙන්න පුළුවන් මුදලක්. මිලියනයක් කිව්ව ම වචනෙන් සැරැයි. හැබයි ලක්ෂවලින් බැලුවම පොඩි ගාණක්. අද වෙනකොට පොල්ස්පතිවත් මේකට කිසිම ඇක්ෂන් එකක් ගන්නෙ නැතුව, තාමත් කියනවා පස්සෙන් යන්න වෙයි කියලා. දැන් මෙතනට ආපු පොලිස්කාරයෙකුත් කිව්වෙ ඒක. ඉන්නවත් ඇති.. හිටියත් කමක් නැහැ. කිව්වෙ සාධාරණයක් වෙනකන් පස්සෙන් යන්න වෙයි කියලා. අපි ඇහුවා ඇයි අපි පස්සෙන් යන්න ඕන කියලා? ඇයි මංජු අයියා වෙනුවෙන් අපි පස්සෙන් යන්න ඕන කියලා. අපි වැරද්දක් කරලා නැත්නම්? සෝෂල් මීඩියා එකයි මීඩියයි තිබුණෙ නැත්නම් මේක වෙනම පැත්තකට යයි.” යනුවෙන්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka