gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තෙලිජ්ජවිල වෙඩි තැබීමකින් තරුණයෙක් එතැනමයි – වැදුණේ අහක යන වෙඩිල්ලක්ද?

තෙලිජ්ජවිල මංසන්ධියේ පිහිටි ජංගම දුරකථන අලෙවිසලක් තුළ දී සිදුවූ වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා එම ස්ථානයේදී මියගිය බව මාලිම්බඩ පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අලු‍ත්ගමගේ මින්දික නමැති 22 හැවිරිදි අවිවාහක තරුණයෙකි. ඔහු මැදගෙවත්ත මූනමල්පෙ දෙනිපිටිය වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගොස් ඇති පුද්ගලයා සිය සේවා ස්ථානයට ගොස් වැඩ නිමවීමෙන් අනතුරුව රාත්‍රී කාලයේ තම මිතුරා බැලීමට තෙලිජ්ජවිල හන්දියේ පිහිටි ජංගම දුරකථන අලෙවිසල වෙත ගොස් මුදල් අයකැමි සිටින ස්ථානයේ වාඩිවී සිට ඇත. ඒ මොහොතේ එම ස්ථානයට ෆල්සර් වර්ගයේ යතුරු පැදියක නැගී පැමිණි දෙදෙනෙකුගෙන් එක් අයෙකු ජංගම දුරකථන අලෙවිසල තුළට ගොස් එහි මුදල් අයකැමිගේ අසුනේ සිටි මින්දිකට වෙඩි තබා ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ. වෙඩි පහරකෑ තරුණයා එම ස්ථානයේදීම මියගොස් ඇත. තුවක්කුකරු විසින් ඔහුට වෙඩි පහර හතරක් පමණ තබා ඇති බව වැඩිදුර පොලිස් විමර්ශන වලදී හෙලිවී තිබෙන බව පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිසිය මගින් විමර්ශන කටයුතු අරඹා ඇති අතර වෙඩි තැබීම සිදුවූ ආකාරය අනුව වෙඩික්කරුවන්ගේ ඉලක්කය එහි අයිතිකරු ඝාතනය කිරීම ද නොඑසේ නම් මියගිය මින්දික අලු‍ත්ගමගේ ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

මියගිය මින්දික අලු‍ත්ගමගේ පෞද්ගලික ඇඟලු‍ම් කර්මාන්ත ශාලාවක සේවය කර ඇති අතර දැනට කොරියානු රැකියාවක් සඳහා යෑමට බලාපොරොත්තුවෙන් එම විභාගයට පෙනී සිට ඉහළින් සමත්වූවෙකි.

මේ සම්බන්ධයෙන් ජංගම දුරකථන අලෙවි සලේ අයිතිකරුගෙන් විමසීමේදී කියා සිටියේ ඔහු විසින් ගොනුකළ නඩුවක් දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන බවත් එම නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස ඔහුට විරුද්ධ පාර්ශ්වයෙන් තර්ජන තිබෙන බවත්ය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මාතර පොලිස් සොකෝ අංශය සහ රස පරීක්ෂණ අංශයේ ස්ථානීය පරීක්ෂණ කටයුතු එම ස්ථානයේදී සිදු කළ අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා විසින් සිදු කරන ලදී.

මහෙස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඔහු විසින් ජංගම දුරකථන අලෙවිසලේ අයිතිකරුට පොලිස් ආරක්ෂාව සපයන ලෙසින් පොලිසියට නියෝග කර ඇති අතර පරීක්ෂණ කටයුතු නිමවීමෙන් අනතුරුව මියගිය මින්දිකගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා මාතර මහ රෝහලට පිටත් කර යැවීය. දුරකථන අලෙවිසලේ අයිතිකරු මාතර කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් අධිකාරි කල්දේරා මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමකට භාර කළ අතර ඔහු පොලිසිය භාරයට ගෙන යෑමට පොලිසිය පියවර ගත්හ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පණ්ඩුල වීරසිංහ මහතාගේ උපදෙස් පරිදි පොලිසියේ උසස් නිලධාරීන් කීපදෙනෙකුගේ මූලිකත්වයෙන් මාලිම්බඩ පොලිසිය මගින් පරීක්ෂණ කටයුතු කරයි.

මාතර අතිරේක ලලිත් පත්මසිරි, අකුරැස්ස සමන් උපුල් පිනිදිය
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka