gossip lanka

මහ ­මැ­ති­ව­ර­ණය සාධා­රණ නොවන්නේ නම් පාකි­ස්තා­නය අස්ථා­වර වන බවට ඉම්රා­න්ගෙන් ප්‍රකා­ශ­යක්!

නිද­හස්  සහ සාධා­රණ මැති­ව­ර­ණ­යක් නොප­ව­ත්වන්නේ නම් පාකි­ස්තා­නය අස්ථා­වර වනු ඇතැයි සිර­ගත  වී සිටින හිටපු අග­මැති ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා  කළේය. ඉම්රාන් ඛාන්ගේ ටෙහ්රීකි ඉන්සාෆ් පක්ෂය ලබන මස 8 වැනිදා පැවැ­ත්වෙන  මහ ­මැ­ති­ව­ර­ණ­යට දැන­ට­මත් සූදා­න­මින් පසු­වන අතර, සාධා­රණ මැති­ව­ර­ණ­යක් අපේක්ෂා කරන  සෙසු ප්‍රති­වාදී පක්ෂ සමඟ සහ­යෝ­ග­යෙන් කට­යුතු කිරී­මට තීර­ණය කර ඇතැයි වාර්තා  වේ. ඉම්රාන්ගේ පක්ෂයේ මැති­ව­රණ ලකුණ වන ක්‍රිකට් පිත්ත ප්‍රති­ක්ෂේප කිරී­මට  පසු­ගි­යදා පාකි­ස්තාන මැති­ව­රණ කොමි­සම පිය­වර ගත් බැවින් ඡන්දය පැවැ­ත්වීමේ  සාධා­ර­ණ­ත්වය සියලු දේශ­පා­ලන පක්ෂ­ව­ලට එක හා සමාන නැති බවට චෝදනා එල්ල කර තිබේ.

71 හැවි­රිදි ඉම්රාන් ඛාන් පසු­ගි­යදා බන්ධ­නා­ගා­රයේ සිට මාධ්‍ය සංවා­ද­ය­කට  සහ­භාගි වෙමින් ප්‍රකාශ කර ඇත්තේ මහ ­මැ­ති­ව­ර­ණය සාධා­ර­ණ­ය­කින් තොරව පැවැ­ත්වී­මෙන්  පාකි­ස්තා­නය තව­දු­ර­ටත් අස්ථා­වර හා අවි­නි­ශ්චිත රටක් බවට පත් වනු ඇති බවය.
gossip lanka