gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සංගීත සංදර්ශන, ගුරු උපහාර ඇතුලු විවිධ සැමරුම් උත්සවවලින් පාසල් මුදල් ඉපයීම නතර කිරිමට නියෝග!

පාසල් මගින් සංවිධාන කරන විවිධ උත්සව සීමා කරන ලෙස දන්වමින් මධ්‍යම පළාතේ සියලු‍ පාසල්වලට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ .

ඒ දෙමව්පියන්ගෙන් ලද පැමිණිලි සැළකිල්ලට ගනිමින්.

ආගමික උත්සව සහ චක්‍රලේඛය මගින් අවසර ලබා දී ඇති උත්සව හැරුණු විට වෙනත් උත්සවයක් පවත්වන්නේ නම් විදුහල්පතිවරු ඊට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අවසරය ලබා ගත යුතු බවටයි චක්‍රලේඛයෙන් දැනුම් දී ඇත්තේ.

ඒ අනුව පළමු වාරයේ දී උත්සව තුනක් ද දෙවන හා තුන්වන වාරවලදී උත්සව හතරක් ද ලෙස වසර පුරාම උත්සව 07 ක් පමණක් පැවැත්වීමට විදුහල්පතිවරුන්ට අවසර ලබා දී තිබේ.

සංගීත සංදර්ශන, ගුරු උපහාර ඇතුලු විවිධ සැමරුම් උත්සව සංවිධාන කරමින් විදුහල්පතිවරයා ඇතුලු විවිධ කණ්ඩායම් සීමාවකින් තොරව මුදල් එක්රැස් කරන බවට දෙමාපියන්ගෙන් ලද පැමිණිලිවලට අනුව මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka