මේ දිනවල සමාජ ජාලා හී අතිශය ජනප්‍රිය පෝස්ටුවක් පරිශීලකයින් අතර පැතිරී යනවා ඔබ දකින්න ඇති.
සුඛෝපභෝගී වාහන,ගෙයක් හොඳ ජංගම දුරකථනවල ඡායාරූප දැමූ පෝස්ටුවක මෙන්න මේ වගේ සටහනක් තබා තිබුනා.
ඒ තමයි" 2024 මම ඉටුකර ගැනිමට බලාපොරොත්තු වන සිහින දායක වෙන්න පුලුවන් අය මට කතා කරන්න."කියලා.
ඒ ඉල්ලීම කරලා තිබුනේ ස්වාමීන් වහන්සේ නමක්.
ඒ නිසාම බොහෝ සමාජ ජාලා පරිශීලනය කරන ඈයෝ මේ ස්වාමීන්වහන්සේට බැනලා තිබුනා.
හැබැයි සම්පූර්ණ පෝස්ටුව වගේම ඡායාරූප බලපු අය නම් සිදුවෙලා තිබුණ ඇත්ත විස්තරේ දන්නවා ඇති.
මේක හරි නිර්මාණශීලී ඉල්ලීමක්.
ස්වාමීන්වහන්සේ නමක් මෙහෙම ඉල්ලීමක් කරද්දි හැමෝගේම අවධානය දිනා ගන්න පුළුවන්නේ.
ඉතින් මේ අන්තිම වෙනකන් ඡායාරූප බලපු ඈයන්ට නම් සත්‍ය සිදුවීම තේරුම් ගන්නට පුළුවන් වෙලා තිබුනා.
එහි තිබුනේ දුප්පත් අසරණ පවුල් කිහිපයකට උදව් ඉල්ලලා කරපු සටහනක්.
ඉතින් ඔබත් රැවටුනා නම් නැවතත් බලන්න සත්‍ය වැටහේවි.