'බුකිය' අරක්ගත්ත උත්තමයෝ සමහරක් වෙලාවල්වලට උන්ගේ 'හිතු මනාපය'ට බොහෝමයක් 'පළකිරීම්' කරන බැව් ඔබ නොදන්නවා නෙවෙයි. (ඒ අරමුණ 'හරි හම්බ' කිරීම ඇරෙන්න වෙන එකක් වෙන්න පුළුවන්ද????)
ඒ විදිහට 'ඉපැරණි වීඩියෝ' පවා බොහෝ පිරිසක් 'සමාජ මාධ්‍ය' තුළ උඩුගත කරනවා.
පසුගිය දවසක එවැනි 'වීඩියෝවක්' හදිසියේ ම සමාජ මාධ්‍යය කළඹන්න පටන් අරන් තිබුණා.
මේ 'වීඩියෝවේ' දැක්වුණේ 'කාන්තාවක්' ලංගම බස් රථයක 'රියදුරු අසුන'ට ගොඩ වන ආකාරයයි.
බොහෝ දෙනෙක් මෙම 'වීඩියෝව'ට අදහස් දක්වා ඇති අතර, සත්‍ය නොදත් පිරිස් එය 'වත්මනේ සිදුවීමක්' ලෙස සළකා 'හුවමාරු' කරගෙන තිබුණා.
'මොනරා' අප කළ සොයා බැලීමක දී තහවුරු වූයේ මෙය 'ඉපැරණි වීඩියෝ පටයක්' බවයි.
වීඩියෝවට ලැබී ඇති 'ප්‍රතිචාර' නිරීක්ෂණය කිරීමේ දී එය වඩාත් තහවුරු කරගන්නට අපට හැකිවුණා.
'මෙකෙ ලෝඩ් එක වැඩි නිසා මෙතනින් නග්ග ගත්තා කිපදෙනෙක්... මෙතනින් නැගපු කිපදෙනම එකපාර රිංගාගන්න බැරිව ඔතනින් වඩිවෙලා අනිත් පැත්තට ආවේ ඉටිරින් එක නිසා .. මොකාද එකෙක් එක වීඩියෝ කරලා.. එකේ වැරද්දක් වුණේ නෑ, අපිත් හිටියා'
තවත් 'කමෙන්ට්' කිහිපය සඳහන් වූයේ 'තෙල් අර්බුදය' සිදු වූ සමයේ මෙය සිදු වූ බවයි.
'අරගලය දවස් වල නෙවෙයි. ඛනිජ තෙල් අර්බුදය කාලෙ ඔය.'
'දකින,පෙනෙන සියල්ල ඇත්ත යයි නොසිතන්න..මෙය එයට කදිම ශාක්ශියකි.බස් එකේ රියදුරු අසුනට නැගී බස් රථය තුළට ඇතුල්වීමයි මෙතන වෙන්නෙ බාගෙට වීඩියෝ කරන් හරකෙක් වගේ ඒක අප්ලෝඩ් කරලා....'