27 හැවිරිදි 'සුරූපී නිරූපිකාවක්' අමානුෂික ලෙස ඝාතනය කෙරූ 'අතිශය සංවේදී පුවතක්' අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වනවා.
'දිව්‍යා පහුජා' නම් මෙම සුරූපිනිය 'ඝාතනය' කර ඇත්තෙ හෝටල් කාමරයක් තුළදී වන අතර, 'ඝාතනය' සම්බන්ධයෙන් චෝදනා එල්ල ව ඇත්තෙ අදාළ හෝටලයේ (පොයින්ට්) හිමිකරු වන 'අභිජීත් සිං' වෙත බැව් 'ඉන්දියා ටුඩේ' අනාවරණය කරනවා.
මින් ඉහත ද 'පහුජා' මාධ්‍ය තුළ වඩා වැඩි කතාබහට ලක්වූයේ ඇය එරෙහි 'නඩු කටයුත්තක්' නිසයි.
ඒ සම්බන්ධයෙන් 'වරදකාරියක' වූ ඇයට 'වසර 7ක' කාලයක් 'සිරදඬුවම්' විඳින්නට ද සිදු වුණා. (ඇයට ඇප ලැබෙන්නෙ පසුගිය වසරේ ජූනි මාසයේ දී යි...)
ඇය මේ 'වංචාවට' හසු ව ඇත්තෙ 'සන්දීප් ගඩෝලි' නම් සිය පෙම්වතාගේ 'නොමනා ක්‍රියා' හේතුවෙනු යි.
2015 වසරේ සිට 'දිව්‍යා' ගඩෝලි හා සම්බන්ධකම් පවත්වන අතර, 2016 වසරේ දී 'ගඩෝලි' පොලිසිය විසින් ඝාතනයට ලක්වනවා.
'දිව්‍යා' අත්අඩංගුවට පත්වන්නෙ මෙම ඝාතන සිද්ධියෙන් පසුව යි.
මේ වන විට 'දිව්‍යා'ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තුන් දෙනෙකු (හෝටල් හිමිකරු ද ඇතුළුව) අත්අඩංගුවට ගෙන ඇති බවයි විමර්ශන නිලධාරින් සඳහන් කරන්නෙ.
'අභිජිත්' මෙම ඝාතනය ගැන පාපොච්චාරණයක් සිදු කර ඇති අතර, 'දිව්‍යා' විසින් 'වීඩියෝ පට' කිහිපයක් පෙන්වා තමන්ව 'බ්ලැක්මේල් කිරීම' මෙම ඝාතනය සිදු කරන්නට හේතු වූ බවයි ඔහු සඳහන් කරන්නෙ.
මේ වන විට 'දිව්‍යා' හෝටලයට ඇතුළු වූ දර්ශන කිහිපයක් ද (සීසීටීවී) මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර, 'සිං' සහ පිරිසක් ඇගේ යැයි 'විශ්වාස කරන' සිරුරක් ඇදගෙන යන අයුරු ද එහි සටහන් ව තිබුණා.
ඉන්දියා ටුඩේ ඇසුරිනි.