gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සෝමාවතිය අඩි 8ක් වතුරෙන් යටවෙයි! සිරවී සිටි හිමිවරු 5ක් බැතිමතුන් 75ක් මෙහෙයුමකින් මුදාගනී! (VIDEO)

අධික වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව ඓතිහාසික සෝමාවතිය රජමහ විහාරස්ථානය සහ  මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීමෙන්  එම පරිශ්‍රයේ සිර වූ හිමිවරු පස්දෙනෙක් සහ  බැතිමත්හු 75 දෙනෙක් ආරක්ෂක අංශ විසින්  ආරක්ෂක ස්ථාන කරා ඊයේ (31) යොමු කරනු ලැබූහ.

මේ හේතුවෙන් සෝමාවතිය  පුදබිම වන්දනාමාන කිරීම  සාමාන්‍ය ජනතාවට තාවකාලිකව අහිමිව ඇත.


සෝමාවතිය නායක ස්වාමීන් වහන්සේ හෙලිකොප්ටරයක් යොදවා ආරක්ෂිතව  පොළොන්නරුවට වැඩම්මවූ බව  ආරංචි මාර්ග සඳහන් කළේය.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මෙම කටයුතු එහිගොස්  පෞද්ගලිකවම අධීක්ෂණය කළේය. විහාරස්ථානයේ සඟරුවන විසින් පිළියෙළ කෙරුණු බුද්ධ පූජාව ඔරු යොදවා ප්‍රවාහනය කර සෑ රදුන්ට ඊයේ  පූජා කෙරිණ.


ගංවතුරෙන් පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය, අරලගංවිල මාර්ගය සහ  සෝමාවතියට ප්‍රවේශ වන සියලු මාර්ග  සම්පූර්ණයෙන්ම ජලය යටවී ඇත.
සෝමවතිය ප්‍රදේශය අඩි අටක් පමණ ජලයෙන් යට වී ඇතැයි පොලිසිය පවසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka