gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වස පානය කර දිවි නසාගත් සැමියාගේ වියෝව දරාගත නොහැකිව බිරිඳ දරු තිදෙනාත් සමඟ වස බී දිවි නසාගනී

සිය සැමියාගේ වියෝව දරාගත නොහැකිවූ 35 හැවිරිදි මවක් සිය දරු තිදෙනා සමඟ වස පානය කර සියදිවි නසාගැනීමේ ශෝකජනක පුවතක් පෙරේදා (30දා) මාලඹේ, කහන්තොට ප්‍රදේශයෙන් වාර්තා විය.

මියගිය දරුවන් අතර පිරිමි දරුවන් දෙදෙනකු සහ එක් ගැහැනු දරුවකු වන බවත් ඔවුන් වයස අවුරුදු 9,7,6 යන වයස්වල පසුවන්නන් බවත් මාලඹේ පොලිසිය පවසයි.

උදාරි නිසංසලා නමැති මව සිය සැමියා හා දරුවන් තිදෙනා සමඟ හෝමාගම ප්‍රදේශයේ රුපියල් 1,50,000 ක මුදලක් ගෙවමින් කුලී නිවසක වාසය කර තිබේ. සිය බිරිඳ හා දරුවන් නඩත්තු කර ඇත්තේ සැමියා විසිනි. එලෙස දිවි ගෙවමින් සිටියදී එම සැමියා මීට දින කිපයකට උඩදී වස පානය කර දිවි නසාගෙන තිබිණි.

එම මියගිය අයගේ අවසන් කටයුතු සහ හත් දවසේ දානමය පිංකම අවසන්වීමෙන් පසු මෙම මව, දරු තිදෙනා සමඟ ඇගේ බාල සොහොයුරාගේ මාලඹේ, කහන්තොට නිවසට පැමිණ තිබේ.

සිද්ධිය වූදා රාත්‍රී එම බාල සොහොයුරාගේ කාමරයක මෙම මව හා දරු තිදෙනා හඬමින් සිට ඇත. එලෙස හඬමින් සිටියදී කාමරය දෙසින් සෙම දමන හඬක් ඇසී බාල සොහොයුරා පවුලේ අනිත් පිරිසද සමඟ කාමරයේ අගුල් දා තිබූ දොර කඩා තිබේ. එහිදී දරු තිදෙනා හා එම මව සෙම දමමින් සිටිනු දැක ඇති පවුලේ පිරිස ඔවුන්ව වාහනයක දමාගෙන මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත රැගෙන ගොස් තිබේ. රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම මව හා දරුවන් තිදෙනා මියගිය බව පොලිසිය පවසයි.

මියගිය මවගේ හා දරු තිදෙනාගේ මූලික මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (31 වැනිදා) සිදුකිරීමට නියමිතව තිබිණි. මේ පිළිබඳව මාලඹේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රසාද් රත්නායක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ජයමහ මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

මොවුන් විදෙස්ගතවීමේ බලාපොරොත්තුවෙන්ද සිට ඇතැයිද හෙළිවී තිබේ. ආර්ථික හේතූන් මත මොවුන් දිවිනසා ගන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, ඇන්ටන් ප්‍රනාන්දු සහ ප්‍රියන්ත මද්දුමආරච්චි – මුල්ලේරියාව
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka