එදා පුංචි තිරයේ ඔබට වඩාත් සමීප වූ 'සචිනි අයෙන්ද්‍රා' ඉන් අනතුරුව ප්‍රේක්ෂකයින් ට බොහෝම හුරුපුරුදු 'ශිල්පිනියක්' බවට පත්වුණා.
මේ වන විට 'නිර්මාණ' කටයුතුවලින් ඈත්ව ඉන්න 'ඈ' දරු දෙන්නෙක්ගේ අම්මා කෙනෙක්. ඒ වගේම ඈ ඇගේ ම 'රූපලාවන්‍යාගාරයක්' පවත්වාගෙන යන බවත් හැමෝම දන්න කාරණයක්.
විටින් විට 'සමාජ මාධ්‍ය' කළඹන සචිනි මෑතක 'ග්ලවුස්' වලින් 'කෑම කාපු' වීඩියෝවකුත් බොහෝම ජනප්‍රිය වුණා ඔබට අමතක නැතිව ඇති.
ඒ විතරක් නෙවෙයි, 'අනර්කලී ආකර්ෂා' හා ඈ අතර විරසකයත් ක්ෂේත්රයේ බොහෝ දෙනෙක්ට 'රහසක්' නෙවෙයි.
'මට බඳින්න කලින් ඉඳන්ම තිබ්බා ප්‍රතිපත්ති කීපයක්. මේ ෆීල්ඩ් එකේම කෙනෙක් බඳින්න හෝ යාලුවෙන්නෙ නෑ කියලා. බැඳපු අය එක්ක ඩේට් (පෙම් හමු) කරන්නෙ නෑ කියලා...'
'ඔය නයිට් ක්ලබ් බාර් තියෙන කෙනෙක්ව ඩේට් කරන් නෑ කියලා. ළඟදි මගේ එක්ස් බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක්ට කතා කරද්දි පවා, එයත් කිව්වා. (එක්ස් බෝයි නෙවෙයි ඉතින්, මම එහෙම කා එක්කවත් තරහා නෑ ඉතින්.. හස්බනුත් දන්නවා ඉතින් ඒව. එයා කොහොමත් වැඩිය ගණන් ගන්නෙ නෑ...)'