gossip lanka

'මම ක‍ළකිරිලා ගියා නෙවෙයි... අනේ මට මෙහේ දාලා එන්න බෑ...' - ඇත්තම කතාව පූජා හෙළි කරයි

'පූජා උමාශංකර්' කියන්නෙ මේ දිනවල සමාජ මාධ්‍ය තුළ අතිශය කතා බහට ලක්වන 'ජනප්‍රියතම කෙනා' කිවුවොත් වැරදි නැහැ.

'චන්න පෙරේරා'ගේ 'අංජලිකා' චිත්‍රපටයෙන් ප්‍රේක්ෂක හදවත්වලට සමීප වුණු 'ඈ' ඉන් අනතුරුව 'චිත්‍රපට කතා' කිහිපයක ම 'අමතක නොවන' චරිත රංගනයක යෙදුණා.

ඉන් එහා.... 'අතිශය මානුෂික ගතිගුණ' නිසාමත් ප්‍රේක්ෂකයින් ඈ කෙරෙහි පැහැදුණා.

පසුගිය දවසක 'පූජා උමාශංකර්' හදිසියේ ම ලංකාව හැර ගිය පුවත බොහෝ දෙනෙක්ට 'අදහාගත නොහැකි' වුණා.

ඈ සියලු 'ලෞකික සුව' අත හරින්නට 'තීන්දු' කෙරූ බවත්, ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ඇය යම් 'ආගමික විශ්වාසයක්' නිසා සියල්ල අත්හළ බවටත්, ඇගේ 'මුහුණු පොත' නිරීක්ෂණයේ දී එය වඩාත් තහවුරු වන බවටත් අප මින් පෙර දී 'මොනරා' වෙතින් ඔබට අනාවරණය කළා මතක ඇති.

කෙසේ වෙතත්, පුද්ගලික නාලිකාවක් හා 'දුරකතන ඇමතුමකින්' සම්බන්ධ වූ පූජා ඇගේ නවතම 'තොරතුරු' මෙසේ හෙළි පෙහෙළි කර තිබුණා.

'මම දමිළ සිනමාවෙන් සමුගන්නවා 2013 දී.. සිංහල චිත්‍රපටිවලිනුත් අයින් වුණා බොහෝම කාලෙකට කලින්...'

'එපා වෙලා, කළකිරිලා ගියා නෙවෙයි. සැළසුමක් ඇතිව ගිය ගමනක්... අපි සෝශල් මීඩියා දාන්නෙ අපි ආස දේවල්නේ. ඒ දවස්වල මම ඒවා දැම්මා... නමුත් දැන් මගේ ෆේස්බුක් තියෙන්නෙ ජීසස්, බයිබල්.. ඒක බලලද කොහෙද මිනිස්සු හිතන් ඉන්නවා, ජීවිතේ එපාවෙලා ඉන්නවා කියලා....'

මම තාමත් බයිබල් පැත්තෙන් අධ්‍යයනය කරනවා. මම ගෙදර ඉන්නවා, ගෙදර වැඩ කරගන්නවා. මට කරන්න බැරි දේවල් ගොඩක් මම දැන් සතුටින් කරනවා. සහ... සතුටින් ඉන්නවා....'

'ඇත්තටම ජනවාරි ලංකාවට එන්න තමයි හිටියේ... නමුත් අනේ... මේ දවස්වල ගෙදර දාලා එන්න බෑ....... ඉතින් අයි විල් කම්... ජූනි... ජූලි වගේ වෙනකොට මම එනවා....'
gossip lanka