gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පැය 24 ක් රඳවා ගෙන ප්‍රශ්න කරපු ඩන්ස්ටන් ට, අද හවස අත් වූ ඉරණම

සිවිල් ගුවන් සේවා නිලධාරිනියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැකකරු අද පස්වරුවේ කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

එහිදී කැස්බෑව මහේස්ත්‍රාත් අසන්ග බෝදරගම මහතා නියෝග කලේ සැකකරු මෙම මස 23 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

මෙලෙස රිමාන්ඩ් භාරයට පත් වූයේ පානදුර බෙක්කේගම ප්‍රදේශයේ පදිංචිව සිටි එල්ලාවල ලියනගේ ඩන්ස්කන් ප්‍රසාද් පෙරේරා නමැති 48 හැවිරිදි පස් දරු පියෙක්.

ඉකුත් 9 වෙනි වැනි දින මෙලෙස ඝාතනයට ලක් වූයේ දුලාංජලී අනුරුද්ධිකා නැමැති පිළියන්දල මඩපාත ජඹුරලිය ප්‍රදේශයේ පදිංචි එක්දරු මවක්.

ඇය වෛද්‍යවරයකුගේ බිරිඳක් වනවා.

සැකකරු ඝාතනයට ලක් වූ ගුවන් සේවා නිලධාරිනිය සමඟම වසර ගණනාවක් සමීප සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබූ අතර ඇය සමඟ හටගත් විරසකයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර තිබූ බව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් සදහන් කළා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka