gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රජයේ රෝහල්වලට යුද්ධ හමුදා භටපිරිස් : දෛනික කටයුතු පවත්වාගෙන යාමට සහාය

රෝහල්වල දෛනික කටයුතු පවත්වාගෙන යාමට යුද්ධ හමුදා භටපිරිස් යොදවා තිබෙනවා.

රෝහල්වල සේවාවන්ට අවශ්‍ය වන පරිදි යෙදවීමට භටපිරිස් සූදානම් කරන ලෙස යුද්ධ හමුදාපති විසින් ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන්.

සුළු සේවක වෘත්තීය සමිති විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා රජයේ රෝහල්වල වර්ජන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරනු ලබනවා.

එම වැඩ වර්ජන හේතුවෙන් රජයේ රෝහල් කටයුතුවලට බාධා එල්ල වී ඇති අතර එමඟින් රෝගීන්ද දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් අඩාල වූ රෝහල් කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙලෙස යුද්ධ හමුදා භටපිරිස් යොදවා ඇත්තේ.

ඒ අනුව බටහිර සහ මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ කොළඹ සහ මහනුවර ජාතික රෝහල්, කලුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය සහ කුරුණෑගල ශික්ෂණ රෝහල්, මාතර බලංගොඩ, ඇහැළියගොඩ, නාවලපිටිය, බදුල්ල, ගම්පොල, මීරිගම යන රෝහල්වල දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදා භට පිරිස් යොදවා තිබෙනවා.

මේ වන විට එම රෝහල්වල අවශ්‍යතාවයන් අනුව යුද්ධ හමුදාවේ 500කට ආසන්න භට පිරිස් ප්‍රමාණයක් යොදවා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සඳහා යෙදවීම සඳහා අවශ්‍යය භට පිරිස් සූදානම් කරන ලෙසත්, වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාවට සිය දෛනික කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍යය සියලුම පියවර ගන්නා ලෙසත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා ආරක්ෂක සේනා ආඥාපතිවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka