gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දේශනවලට සහභාගී වූ අය ගැන අවධානයෙන් සිටින්නැයි දැනුම්දීමක්... රුවන් ප්‍රසන්න දේශන කළ තවත් ස්ථාන කීපයක් හඳුනාගැනේ (VIDEO)

මේ කියන්න යන්නේ පසුගිය දවස්වල ගොඩක් කතා බහට ලක්වුණ ආන්දෝලනාත්මක කතාවක ආරම්භයක්...

එකම පපුලේ පිරිසක් දිවි නසාගෙන... 

ඒ පුවත ඇහුවම බොහෝ දෙනෙක් තරමක් කලබල වුණා.. රටේ තියන ආර්ථික ප්‍රශ්න නිසා මෙහෙම වුණාද..? ගොඩක් අය හිතුවේ අන්න එහෙමයි..

ඒත් ඒ කතාව සම්පූර්ණයෙන්ම වෙනස්... මේ සිද්ධිය මොකද්ද..? ඔබට මතකද කොට්ටාව - මාකුඹුර ප්‍රදේශයේ මහල් නිවාසයක ජීවත්ව සිටි 46 හැවිරිදි රුවන් ප්‍රසන්න ගුණරත්න නැමති මෙම පුද්ගලයා පසුගිය 28 වනදා වස පානය කර සියදිවි හානිකරගත් පුවත් ඒ වගේම ඔහුගේ අවසන් කටයුතුවලින් පසු බිරිඳ සහ දරුවන් තිදෙනාද වස පානය කර සියදිවි හානිකරගෙන තිබුණේ මාලඹේ - කහන්තොට ප්‍රදේශයේදීයි...

කොහොම වුණත් මේ ගැන දිගින් දිගටම පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වුණා.. ඒ අනුවයි බිරිඳ, දරුවන් ඇතුලු පුද්ගලයන් 6 දෙනෙකු සිය දිවි නසා ගැනීමට මුල් වූ බවට පැවසෙන මියගිය රුවන් ප්‍රසන්න ගුණරත්න නැමත්තා විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක ආගමික දේශන පවත්වා ඇති බවට අනාවරණය වී තිබෙන්නේ...


කෙසේ වෙතත් පසුව අනාවරණය වූයේ රුවන් ප්‍රසන්න ගුණරත්න නැමති මෙම පුද්ගලයා ආගමික දේශන පවත්වන පුද්ගලයෙකු බවටයි...

එහෙත් ඔවුන්ගේ සියදිවි හානිකර ගැනීමට හේතුවක් ද එම අවස්ථාවේදී අනාවරණය වී තිබුණේ නැහැ...

මේ අතර මහරගම දුම්රියපොළ පාර ප්‍රදේශයේ ලැඟුම්හලක තිබී වස පානය කර සියදිවි නසා ගත් පුද්ගලයෙකුගේ සිරුරක් ඊයේ පොලිසිය සොයා ගෙන තිබුණා...

අම්බලන්ගොඩ වතුගෙදර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකුයි මෙලෙස සියදිවි හානි කර ගෙන තිබුණේ...

එමෙන්ම යක්කල - රාපල්වත්ත ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණියක්ද වස පානය කර ගෙන සියදිවි හානි කර ගෙන තිබුණා...

පොලිසිය දැනට අනාවරණය කර ගෙන ඇත්තේ මෙම දෙදෙනාම රුවන් ප්‍රසන්න ගුණරත්න නැමති පුද්ගලයාගේ දේශනවලට සහභාගී වූ පුද්ගලයින් බවටයි...

එමෙන්ම ඔවුන් රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැත්තාගේ අවමගුල් කටයුතුවලටද සහභාගී වී තිබෙනවා...

කෙසේ වෙතත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ රුවන් ප්‍රසන්න ගුණරත්නගේ දේශනාවලට සහභාගී වූ අය තම නිවෙස්වල සිටින්නේනම් ඔවුන් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka