දින 02ක සිට අතුරුදන්ව සිටි 66 හැවිරිදි පුද්ගලයෙකු ගංවතුරෙන් යට වූ ප්‍රදේශයක මයිල ගසක් මත සිටිය දී බේරා ගැනීමට හැකි වී ඇත.
ඒ දිඹුලාගල මනම්පිටිය මාගන්තොට ප්‍රදේශයේ ය.
එලෙස ගසක් මත සිටිය දී ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙලෙස අදාළ පුද්ගලයාව බේරා ගෙන ඇත්තේ.
ඔහු මාගංතොට කැළෑබද ප්‍රදේශයේ දර කැඩීමට ගොස් තිබෙනවා.
එලෙස යාමේ දී කැළෑ දිවියෙකුගේ ප්‍රහාරයකින් බේරීමට ඔහු මයිල ගසකට නැග ඇත.
මේ වන විට එම ප්‍රදේශයේ පවතින ගංවතුර තත්ත්වය ඉහළ යාමෙන් ඔහුට දින 2ක් මයිල ගසේ රැදී සිටිමට සිදු වී තිබෙනවා.
ඒ බව මනම්පිටිය පොලිසිය සඳහන් කළේ ය.