මේ කියන්න යන්නේ බූරු පොලක් ගැන කතාවක්.. ඒත් ඒකෙ විශේෂත්වයක් තියනවා..
මොකද මේක කාන්තාවන්ටම පමණක් වෙන්න බූරු පොළක්...
ජාඇල ප්‍රදේශයේ දඬුගම, උඩවැල්ල පිහිටි නිවසක පවත්වාගෙන ගිය කාන්තාවන්ටම පමණක් සීමා වූ මහා පරිමාණයේ බූරු පොළක් වැටලීමට ජාඇල පොලිසියට හැකි වී තිබෙනවා..
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවන් 5දෙනා වයස අවුරුදු 35ත් - 50ත් අතර වියේ පසුවන අය බවයි පොලිසිය පවසන්නේ..
මොවුන්ගෙන් එක් අයෙක් මුදල් පොලියට ලබාදීම සරුවටම සිදුකරන අතර, තවත් කාන්තාවන් දෙදෙනෙකු ඌරු ගොවිපොළවල් හිමියන් බවයි වාර්තා වන්නේ..
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරිණියන් අතර මේ මීගමුව, කොච්චිකඩේ, සීදූව සහ ජාඇල යන ප්‍රදේශවල පදිංචිකරිණියන් වෙනවා..
මෙම වැටලීම සිදුකරන අවස්ථාවේ එම ස්ථානයේ තිබී රුපියල් 30,900 ක මුදලක් පොලිස් භාරයට ගත් බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ..
එසේම මෙම සැකකාරියන් වැලිසර මහේස්ත්‍රයත් ඇතිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි...