gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෝටර් සයිකලේ නම්බර් ප්ලේට් එකේ ‘පුරුෂ ලිංගය’ ප්‍රදර්ශනය කළ කොල්ලො දෙන්නෙක් පිළියන්දලදී අල්ලයි

අංක තහඩුව වෙනුවට ‘අසභ්‍ය වචනයක්’ ප්‍රදර්ශනය කරමින් බොරලැස්ගමුව නගරය හරහා ධාවනය වූ යතුරු පැදියක් පුද්ගලයන් දෙදෙනෙකු සමග ඊයේ (19) දා අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව හා බෙල්ලන්විල ප්‍රදේශවල පදිංචි (18) හැවිරිදි දෙදෙනකු බව පොලිසිය කියයි .

බොරලැස්ගමුව පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු අද උදෑසන බොරලැස්ගමුව නගර මධ්‍යයේ රථවාහන රාජකාරියේ නිරතව සිටියදී සැකකටයුතු ලෙස මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක් පිළිබදව විමසිලිමත් වීමේදී, එම යතුරුපැදිය පොලිස් නිලධාරීන් පසු කරනවාත් සමගම, එහි පසු පැදිකරු පිටුපස අංක තහඩුව දෑත් වලින් වසාගනු දැක තිබේ .

ඒ පිළිබඳව සැකසිතූ පොලිස් නිලධාරීන් යතුරුපැදිය නවතාලන ලෙසට සංඥා කළත් එය නොනවත්වා ධාවනය කිරීම නිසා, පසුපස හඹා ගොස් පරීක්ෂා කිරීමේදී යතුරුපැදියේ ඉදිරිපස අංක තහඩුව නිවැරදිව ප්‍රදර්ශනය කර තිබූ අතර පිටුපස අංක තහඩුව වෙනුවට ඉංග්‍රීසි අකුරෙන් පුරුෂ ලිංගය හැඳින්වීමට භාවිත කරන අන්වර්ථ නාමයක් එහි ලියා තිබෙනු දැක තිබේ.

ඒ අනුව යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා සමග යතුරුපැදිය අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙනැවිත් ප්‍රශ්න කිරීමේදී එහි අංක තහඩුව ගලවා ඒ වෙනුවට අසභ්‍ය වචනයක් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා මෙසේ ප්‍රදර්ශනය කරමින් ධාවනය කර ඇත්තේ විනෝදයට බවට පොලිසියට පවසා තිබේ.

මෙම තරුණයන් දෙදෙනා අවස්ථා කිහිපයකදී දෙනෝදහසක් බලා සිටියදී බොරලැස්ගමුව නගරය හරහා මෙසේ යතුරුපැදිය ධාවනය කර ඇති බවට අනාවරණය වී තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා 19 දා ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සැකකරුවන් දෙදෙනා මානසික වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතය.(දිනමිණ)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka