gossip lanka

මළ සිරුරෙන් මුදල් ඉපැයූ කාන්තාවකට වැඩ වරදී... ව්‍යාජ බිල්පත්වලින් සරුවටම කරගෙන ගිය ජාවාරමේ සුලමුල හෙළිවෙයි

මේ කියන්න යන්නේ අපේ සමාජයෙන්ම ඇහෙන තවත් එක කතාවක් ගැන..

කෙනෙක්ගේ මරණයක් කියන්නේ ඒ අයගේ සමීපතමයින්ට මොන තරම් දුකක්ද..?

ඒත් ඒ ගැන මායිම් නොකරම කරගෙන ගිය මේ වැඩේ ගැන ඇහුවොත් ඇත්තටම ඔබ පුදුම වේවි..

මළ සිරුරු ආදාහනය කිරීම සඳහා රුපියල් රුපියල් පන්ලක්ෂ පනස්දහසක මුදලක් වංචා කළ මාතලේ මහ නගර සභාවේ සේවිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා..

මෘත දේහයක් ආදාහනය කිරීම සඳහා මහ නගර සභා සීමාව තුළ පදිංචිකරුවෙකුගෙන් රුපියල් 20,000ක් අය කෙරෙන අතර බිල්පත් ව්‍යාජ ලෙස වෙනස් කර රුපියල් 25,000 ක් බැගින් මුදල් ලබාගෙන ඇති බවයි හෙළිවුණේ..

පසුව මේ සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විමර්ශන ආරම්භ කළ අතර, ඒ අනුවයි අදාල සැකකාරිය පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇත්තේ..

ඇයව මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නියෝග කෙරුණේ සැකකාරිය මෙම මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටයි...
gossip lanka