gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තර්ඩ් පාටි වාහනයක ගැටුණොත් දැන් උසාවි නොයාම වන්දි – රක්ෂණ සමාගම් එකග වෙයි

තුන්වැනි පාර්ශ්වයේ (3rd Party) රක්ෂණයක් සහිත වාහනයක ගැටීමෙන් යමෙකුට ජීවිත හානියක් හෝ වෙනයම් අනතුරක් සිදු වුවහොත් එම පුද්ගලයාට අධිකරණයට නොයා අදාළ වන්දි මුදල රක්ෂණ සමාගමෙන් ලබාදීමට රක්ෂණ සමාගම් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශයට එකඟතාවය පළකර ඇත.

මෙම රෙගුලාසි මෝටර් රථ ප්‍රවාහන පනතට ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇති බවත්, එම සංශෝධන කටයුතු මාර්තු මස පළමුවැනිදා වනවිට සිදු කිරීමට නියමිත බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පැවැසීය.

මෙරට තිබෙන හතළිහකට ආසන්න රක්ෂණ සමාගම් සහ රක්ෂණ නියාමන කොමිෂන් සභාව සමග සාකච්ඡා කිරීමෙන් පසුව මෙම තීරණය ගත් බවද ඇමැතිවරයා කීවේය.

මෙහිදී රුපියල් ලක්ෂ පහක උපරිමයකට යටත්ව වන්දි ගෙවීමට රක්ෂණ සමාගම් කැමැත්ත පළකර ඇතැයි ප්‍රවාහන රාජ්‍ය ඇමැතිවරයා පැවැසුවේය.

අනතුරට ලක්වූ පුද්ගලයාට එම වන්දි මුදල ප්‍රමාණවත් නොවන්නේනම් අධිකරණය හමුවට ගොස් වන්දි මුදල වැඩිකර ගැනීම සඳහා කටයුතු කළ හැකි බවද ඇමැතිවරයා කීවේය.

2018 වසරේ වන්දි පුද්ගලයන් 562 ක්ද, 2019 වසරේදී පුද්ගලයන් 653 ක්ද, 2020 වසරේදී පුද්ගලයන් 449 ක්ද, 2021 වසරේදී පුද්ගලයන් 3500 ක්ද, 2022 වසරේදී පුද්ගලයන් 423 ක්ද රිය අනතුරු වලින් වන්දි ලබාගෙන ඇත්තේ වසර ගණනක් අධිකරණයේ විභාග වූ නඩු වලින් අනතුරුව බවද ඔහු පැවැසීය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka