ඉන්දියාවේ නවතම සයිබර් වංචාවක් පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එය සිදුවන්නේ ”All India Pregnant Job service” නමින් ලෙසයි.
කෙසේ වෙතත් මෙම සයිබර් වංචාව සිදුවන ආකාරය තරමක් නොපැහැදිලි බවත් පෙන්වා දෙන විදෙස් වාර්තා අන්තර්ජාලය තුළ ”All India Pregnant Job service’ මගින් පළකරන දැන්වීම්වලට අනුව දරුවන් නොමැති කාන්තාවන් සමග එක්වීමට කැමති පිරිමි පුද්ගලයින්ට ඉතා වටිනා මුදලක් ලබාදෙන බව සඳහන් කර තිබෙනවා.
එහිදී මෙම පුද්ගලයන්ට ලක්ෂ පහක වැටුපක්, කාන්තාව සමග ලිංගිකව හැසිරීමට පමණක් ලබාදෙන අතර ඇය පිළිසිඳ ගතහොත් රුපියල් ලක්ෂ 8 ක ත්‍යාගයක් ලබාදෙන ලෙස දැනුම් දී ඇති බව සඳහන්.
ඒ අනුව මෙම නිවේදනය දකින පිරිමි පුද්ගලයින් ගණනාවක් මේ වන විටත් මෙම වංචාවට හසුව තිබෙනවා.