gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පැපුවා නිව්ගිනියාව නොසන්සුන් : බදු මත කපා හැරි වැටුප් ඉල්ලා පොලිසිය වර්ජනයේ! පාරට බැස්ස මහජනයා ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරන්!

පැපුවා නිව්ගිනියාවේ අගනුවර වන පෝට් මෝර්ස්බි හි (Port Moresby) විශාල නොසන්සුන්තාවක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් අට දෙනෙකු පමණ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙවන් නොසන්සුන් බවක් ඇතිවීමට හේතු වී ඇත්තේ පොලිස් සහ අනෙකුත් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ආරවුලක් බව සඳහන්.

ඒ අනුව පොලීසිය වැඩවර්ජනය කර ඇති අතර මිනිසුන් සිය ගණනක් මහ මඟට බැස සාප්පු සහ මෝටර් රථ ගිනි තබමින් සුපිරි වෙළඳසැල් කොල්ල කෑමට කටයුතු කර තිබෙනවා.

එරට අගනුවර දිස්ත්‍රික් ආණ්ඩුකාර Powes Parkop ප්‍රකාශ කර සිටියේ මෙම කොල්ලය "අවස්ථාවාදීන්" විසින් සිදු කර ඇති බවයි.

එමෙන්ම තත්ත්වය සමනය කිරීමට රජය හමුදාව යොදවා ඇති බව සඳහන්.

මේ අතර පැපුවා නිව්ගිනියාවේ දෙවන විශාලතම නගරය වන Lae හි ද තවත් පුද්ගලයින් හත් දෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ එහි ප්‍රචණ්ඩත්වයේ තරම අපැහැදිලි බවයි.

කලහකාරී තත්ත්වය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාර Powes Parkop,

"අපේ නගරයේ පෙර නොවූ විරූ මට්ටමේ ආරවුල් අපි දැක ඇත්තෙමු.

මෙම නගරයේ සහ මෙරට ඉතිහාසයේ මින් පෙර කිසි දිනෙක සිදුනොවූ දෙයක්.

ඇතැමුන්ට අද කණගාටුදායක ලෙස ජීවිතය අහිමි විය...''

විදෙස් මාධ්‍ය වාර්තාවන්ට අනුව, තම වැටුප 50% දක්වා අඩු කර ඇති බව දැන ගැනීමෙන් පසු ඊයේ (10) පොලිසිය සහ අනෙකුත් රාජ්‍ය සේවකයින් පාර්ලිමේන්තුවෙන් පිටත විරෝධතා වැඩ වර්ජනයක නිරතව තිබෙනවා.

අනතුරුව එම තත්ත්වය කලහකාරී වටපිටාවක් නිර්මාණය කළ බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් අගමැති ජේම්ස් මාරපේ (James Marape) ප්‍රකාශ කර තිබුණේ පරිගණක දෝෂයක් හේතුවෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් චෙක්පත්වලින් ඩොලර් 100 (පවුම් 78) පමණ අඩු කර ඇති බවත්, විරෝධතාකරුවන් ප්‍රකාශ කළ පරිදි රජය බදු වැඩි නොකරන බවත් ය.

එමෙන්ම වැරදි තොරතුරු සමාජගත වීම මත පොලිසිය සිය රාජකාරිවලින් බැහැර වූ බවත් ලද අවස්ථාවෙන් ජනතාව ප්‍රයෝජන ගත් බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka