gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ත්‍රීවිල් රියදුරාගේ අතරවයට ලක්වූ ජනප්‍රිය ටෙලියේ, ප්‍රධාන නිළිය කවුද?? පොලිසියට මාට්ටු වූ 'රියදුරා'ගෙන් අමුතු කතාවක්..

අතිශය ජනප්‍රිය 'ටෙලි නිළියක්' අතරවරයට ලක් කළ 'ත්‍රීරෝද රථ රියදුරා'ගේ කතා ප්‍රවෘත්තිය පසුගිය දිනෙක 'මොනරා' අපි ඔබට අනාවරණය කළා මතක ඇති.

මෙරට නාලිකාවක ජනප්‍රියතම 'ටෙලි කතාවේ' ප්‍රධාන චරිතය නිරූපණය කරන 'රංගන ශිල්පිනිය' මෙම අනපේක්ෂිත සිදුවීමට මුහුණ පා තිබුණා.

'කටුබැද්දේ' සිට 'නුගේගොඩ' දක්වා යෑමට ඈ අන්තර්ජාලය හරහා 'කුලී ගමන් පහසුකම්' සපයන සමාගමකින් 'ත්‍රීරෝද රියක්' ඇනවුම් කර ඇති බැව් සඳහන්.

එම අවස්ථාවේ රියට ගොඩ වූ 'රංගන ශිල්පිනිය', 'මාව නුගේගොඩින් දාන්න' යැයි රියදුරා දැනුම්වත් කර තිබුණා.

කෙසේ හෝ වේවා, 'රිය' පිළියන්දල 'විකල්ප මාර්ගය' හරහා ජාලියගොඩ දෙසට ධාවනය වෙමින් තිබියදී එම ප්‍රදේශයට අධික වර්ෂාවක් ඇද හැලෙන්නට වුණා.

'මේ වැස්සෙ තවත් යන්න බෑ මිස්' වර්ෂාවත් සමඟ එසේ කී 'රියදුරා' සිය රථය නවතාගෙන තිබුණා.

මෙලෙස රිය නවත්වා තිබෙන අතරතුර දී ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට යෙදුණු 'නොමනා රියදුරු' එක්වරම පසුපස අසුනට පැමිණ ඇයව 'ස්පර්ශ කිරීමට' උත්සාහයක් ගෙන ඇති බැව් සඳහන්.

අවසානයේ, රංගන ශිල්පිනිය ඔහු හා 'පොර බඳිමින්' හඬ නඟා ත්‍රීරෝද රියෙන් පැන දිවගොස් තිබෙනවා.

එයින් 'කලබල' වූ රියදුරු එම අවස්ථාවේ පලා යන අතර, එසේ ඔහු 'පලා යන්නෙ' රංගන ශිල්පිනියගේ 'මුදල්' ඇතුළු වටිනා කියන ලිපිලේඛන ද ඇතුළත් 'ගමන් බෑගය' ද රථයේ තිබියදීම යි.

අදාළ සිදුවීම පිළිබඳව 'රංගන ශිල්පිනිය' පිළියන්දල පොලිසියට පැමිණිලි කරන්නෙ ඉන් අනතුරුව යි.

අදාළ 'කුලී රථ සේවා සංගමයෙන්' තොරතුරු සපයා ගත් 'පොලිසිය' පිළියන්දල ප්‍රදේශයේ දී උපක්‍රමශීලිව සැකකරු කොටු කරගෙන තිබුණා.

මෙම සැකකරු 'අල්ලස් කොමිසමට' අනුයුක්තව සේවයේ යෙදුණු පොලිස් පරීක්ෂකවරයෙක් බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තෙ.

ඔරුවල, විද්‍යා මාවතේ තිබී ඔහුගේ 'ත්‍රීරෝද රිය' ද තමන් සන්තක කර ගැනීමට පොලිසිය සමත් වුණා.

කෙසේ වෙතත්, රංගන ශිල්පිනියගේ 'අත්බෑගය' තවමත් අතුරුදන් බවයි පිළියන්දල පොලිසිය සඳහන් කරන්නෙ.

මේ පළවැනි 'සිද්ධිය' නෙවෙයි.

'අන්තර්ජාලය' හරහා 'කුලී රථ' ලබාගන්නා පිරිස් වෙත මෙවැනි 'අකටයුතුකම්' වලට මුහුණ පෑමට සිදුවූ පළමු අවස්ථාව මෙය ම නොවේ.

එවැනි 'කුලී රථ රියදුරන්ගේ' (සමහරක්) කෙරුම් ගැන බොහෝ පිරිස් 'සමාජ මාධ්‍ය' වෙත ද තොරතුරු මුදා හැර තිබුණා.

'ගමනාන්තයෙන්' පසුවත් තමන් හා පැමිණි 'පිරිස්' වෙත (එතැන සුරූපී තරුණියක් හෝ සිටිනවා නම්) 'අයුතු යෝජනා' කරමින් 'පණිවුඩ' පවා යොමු කරන 'උන්'ද නැතුවාම නොවේ.

එසේම 'ගමන් ගන්නා' අතරතුර දී ඇතැම් රියදුරු මහත්වරුන් හොර රහසේ සිදුකරන 'රහසිගත රූගත කිරීම්' පවා අන්තර්ජාලයෙන් අපට සොයා ගත හැකියි.

සුරූපී තරුණියන්ගේ 'ඡායාරූප' ඉවක් බවක් හෝ නොමැතිව 'පළ කරන' ඇතැම් 'අසහනකාරයින්' ලැගුම් ගන්නා ෆේස්බුක් පිටුවලද මෙවැනි ඡායාරූප පළව තිබෙනවා.

එවන් තත්ත්වයක් තුළ මෙවැනි 'වග කිව යුතු' කුලී රථ සේවාවන් අදාළ රියදුරන් සම්බන්ධයෙන් 'සැළකිලිමත්' වීම ද, එවැනි අකටයුතුකම් සිදු වනව නම් ඒවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම ද සිදු කළ යුතු ය.

මින් ඉහත සිදු වූ එවැනිම සිදුවීමක් 'යට ගැසීමට' අදාළ ආයතනයක් 'මුදල් ලබා දී' ක්‍රියා කෙරූ බවට ද සමාජ මාධ්‍ය තුළ තොරතුරු හුවමාරු වුණා ඔබට මතක ඇති.

'ජනප්‍රිය නිළියක්' නිසා පමණක් නම් මෙම 'අවධානය', මින් ඉදිරියටත් ඒ කී 'අවධානය' එසේ ම වේවා යැයි අප ප්‍රාර්ථනා කරමු!!!
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka