gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මගේ ගෑනිගෙන් අහපන් මම --- ගැහුවද කියලා?' - 'අවලෝකිතේශ්වර' නොහොත් 'කැලණි වැඩි තරු කුමරා'ගේ ආන්දෝලනාත්මක 'හඬපටයක්' එළියට!

'අවලෝකිතේශ්වර' නමින් පෙනී සිටිමින් තමන් යම් 'ධ්‍යානයක්' ලැබුවා යැයි කියමින් පසුගිය දිනෙක 'පීරමීඩ් දේශයෙන්' මෙරටට වැඩි 'තරු කුමරු' (ඔහු නමින් මහින්ද කොඩිතුවක්කු) මේ වන විට සමාජ මාධ්‍ය 'අතිවිශාල' අවධානයක් දිනාගනිමින් ඉන්නවා.

බුදු දහමට අනුකූල හෝ නොවන 'දෙසුම්' දේශනා කරමින් 'රන් ආලේපිත අසුන්'වල හිඳිමින්, 'ස්වාමින් වහන්සේලා'ගේ පවා 'වැඳුම්' ලබමින් සිටින 'කොඩිතුවක්කු'ට එරෙහි 'නීතියේ ක්‍රියාත්මක වීම' ගැනත් බොහෝ දෙනෙක් විමසුවෙන් බලා සිටින බැව් රහසක් නෙවෙයි.

'විවිධ ක්‍රම' භාවිතා කරමින් 'මහජනයා' අතර 'ආන්දෝලනයක්' ඇති කරන 'කොඩිතුවක්කුලා' ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.

'පොලිසියට පැමිණිල්ලක් ලැබුණා. බෞද්ධ ආගමට යම් හානියක් වෙනවා කියලා. ජනවාරි පළවැනි දා තමයි මේ පුද්ගලයා පෙනී ඉන්නෙ. මේ සම්බන්ධයෙන් වෙන විමර්ශනයක් පැවැත්වෙනවා. ආගමකට යම් අපහාසයක් සිද්ධ වෙලා කියලා තහවුරු වුණොත් තමයි පරීක්ෂණ ක්‍රියාත්මක වෙන්නෙ...'

'නිහාල් තල්දූව' පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, පසුගිය දිනෙක 'සියදිවි' නසා ගැනීම් සඳහා පුද්ගලයින් පොළඹවා ගත් 'රුවන් ප්‍රසන්න' හා 'බෝධිසත්වයා' අතර සම්බන්ධයක් ඇත් ද යන්න සම්බන්ධයෙන් 'බුද්ධි අංශ' තොරතුරු ගවේෂණය කරන බවයි.

මේ අතර, 'ඊජිප්තු' දේශයෙන් පැමිණි මෙම 'අද්භූත මනුෂ්‍ය ප්‍රාණය' ඔහුගේ 'යූටියුබ්' නාලිකාව මඟින් දිගින් දිගට ම විවිධ 'දෙසුම්' මුදාහරින අතර, පසුගිය දිනෙක මෙම 'අවලෝකිතේශ්වර' බෝධිසත්වයා ගැන 'හිමිනමක්' දීර්ඝ අනාවරණයක් කරමින් 'අනතුරු ඇඟවීමක්' සිදු කර තිබුණා.

'මොහු ඊජිප්තුවට යන්නෙ මීට අවුරුදු හතරකට පහකට කලින්.. අත් දෙක එකට එකතු කරලා දික් කරලා, ඔබට දෙකෙළවර පේනවද අහලා තමා මේ විකෘතිතාවය පටන් ගන්නෙ... මොහුගේ තාත්තාත් එහෙමයි‍... යූටියුබ් එකෙන් ගොඩ යන්න තමයි චැනල් එකක් අටව ගන්නෙ...'

'මොහු අයිස් මත්ද්‍රව්‍ය ගන්නවා. දවසකට ඩොලර් 100, 200 යනවලූ අයිස් වලට. කණ්ඩායමක් විදිහට එකතු වෙලා තමයි මේ දේ කරන්නෙ.. කොයි තරම් අකුසලයක්ද මේ කරගන්නෙ...??? මිථ්‍යා දෘෂ්ඨියක් ජනගත කරනවා කියන්නෙම පාපයක්..'

'ඊජිප්තුවේ ගෙදරක බල්ලො බලාගන්න එක තමා මෙයාගේ රස්සාව. මේ පුද්ගලයාට ලංකාවට එන අවස්ථාවේ දී මුදල්වත් ලැබෙන් නෑ. මොහුගේ ශ්‍රාවකයින් තමයි සල්ලි දෙන්නෙ...'

කෙසේ හෝ වේවා, මෙම 'චෝදනා' සම්බන්ධයෙන් 'පිළිතුරු' ලබාදෙන 'අවලෝකිතේශ්වර' බෝධිසත්වයන් සඳහන් කරන්නෙ, තමන්ට‌ 'චෝදනා' එල්ල කරන කිසිවෙක් 'ධර්මය' හෝ හරි ආකාරව නොදන්නා බවයි.

තමන්ට 'දරුවන් හා බිරිඳක්' සිටින බැව් කියන ඔහු, තමන්ගේ 'ලංකා ආගමනය' ගැන ද මෙලෙස අදහස් පළ කර තිබුණා.

'මගේ ශ්‍රාවකයින්ගෙන් අහන්න, මම අයිස් ගහනවද නැද්ද කියලා... මගේ බිරිඳට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. කසලධම්ම උඹ මොනාද දන්නෙ?? පස්සෙදි ශේප් වෙන්න ලෑස්ති.. උඹට ශේප් වෙන්න බැරිවෙනවා... උඹට තිබුණනේ බොල බුදු වෙන්න? නපුංසකයෙක්ට සම්මා සම්බෝධියට යන්න බැරිවෙනවා....'

'අවලෝකිතේශ්වර මම.. උඹලා ධර්මය දන්නවද? මගේ දේශනා චැනල් අටකින් විතර ප්‍රචාරය වෙනවා. මගේ බිරිඳගෙන් අහපන් මම අයිස් ගැහුවද කියලා. අහපන් ශ්‍රාවකයින්ගෙන් මම සල්ලි ගත්තද කියලා. රුපියලක් අරගත්තද අහපන්. හැබැයි මට එන්න නම් දායකත්වය අනිවාර්යෙන් සැපයිය යුතුයි. මේවා පිනට පහ‍ල වෙච්ච දේවල්... තොගෙන් රුපියලක් මං අරගෙන නෑ... කසලධම්ම, උඹ තාම පොඩි එකා..... හිඟන පැටියා... මගේ දරුවෝ දුක් විඳියි.... බිරිඳට සලකන් නැද්ද අහනවා... මට කරන්න දෙයක් නෑ, අභිනිෂ්ක්‍රමණය වෙන්න වෙනවා... කසලධම්ම.. උඹ දැඟලුවා වැඩී...'

'න--සකයෙකුට සම්මාසම්බෝධි වෙන්න පුළුවන්ද කසලධම්ම.. මගේ ගෑනිගෙන් අහපන් මම --- ගැහුවද කියලා?' 'අවලෝකිතේශ්වර' නොහොත් 'කැලණි වැඩි තරු කුමරා'ගේ ආන්දෝලනාත්මක 'හඬපටයක්' එළියට.. 'මගේ දරුවෝ දුක් විඳියි... කරන්න දෙයක් නෑ...'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka