gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එයා හිතුවක්කාර වෙලා --එකට නඟින්න හැදුවා! - 'දුලාංජලී අනුරුද්ධිකා' නොඑන ගමන් යැවූ 'ඝාතකයා'ගේ ඇඟ හිරිවැටෙන පාපොච්චාරණය මෙන්න!

'අධිවේගී මාර්ගයේ' කහතුඩුව පිවිසුම අසළ දී අමානුෂික ලෙස 'ඝාතනය' වූ 39 හැවිරිදි 'දුලාංජලී අනුරුද්ධිකා'ගේ 'අබිරහස් ඝාතනය' පිළිබඳව මේ වන විටත් 'සමාජ මාධ්‍ය' තුළ අතිවිශාල කතාබහක් ඇති ව තිබෙනවා.

'ගුවන් සේවා නිලධාරිනියක්' වූ දුලාංජලීව එසේ ඝාතනයට ලක් කර ඇත්තෙ ඈ හා 'අනියම් ඇසුරක' වෙළි සිටි 'ඩන්ස්ටන් ප්‍රසාද් පෙරේරා' යන අයයි. (ඔහු පාතාලයේ කෙරුමෙකු වන රත්මලානේ ධර්මේ නොහොත් ඇල්ටෝ ධර්මේගේ සොහොයුරා යි..)

'දුලාංජලී' කටුනායක සිවිල් ගුවන් සේවා අධිකාරියේ රැකියාවේ 'නියැලෙන' බැව් ද පොලිසිය මාධ්‍ය හමුවේ අනාවරණය කළා.



ඇයගේ සැමියා 'පානදුර රෝහලේ' වෛද්‍යවරයෙක් ලෙස සේවයේ නියුතු වනවා.

පොලිසිය 'කටුනායක' වෙත සැකකරුගේ ඡායාරූපයක් යොමු කර අදාළ විමර්ශන ආරම්භ කර ඇති අතර, ඊයේ දින රාත්‍රී සැකකරු ගුවන්තොටට 'පැමිණ ඇති' බවට ද විමර්ශන නිලධාරින් තොරතුරු අනාවරණය කරගෙන තිබුණා.

මේ අතර, 'ඝාතනය' සම්බන්ධයෙන් සැකකරු පොලිසිය හමුවේ 'පාපොච්චරණයක්' සිදු කර ඇති අතර, සිය බිරිඳ තමන් අත්හැර ගිය බවක්ද ඔහු සඳහන් කර තිබුණා.




'මගේ බිරිඳ අවුරුදු දෙකකට කලින් ළමයි හතරදෙනයි මායි අතෑරලා ගියා වෙන මනුස්සයෙක් එක්ක. මම දුලාංජලී එක්ක සම්බන්ධෙ පටන් ගත්තෙ අවුරුදු 2කට කලින්.. හුඟක් දවස්වලට මම කහතුඩුව පිවිසුම ළඟට කාර් එකෙන් ඇවිත් එයාව ගෙදර ඇරලනවා.....'

'ඊයේ හවස ඉඳන්ම අපි දෙන්නා රංඩු වුණා. අපි අතරේ බහින්බස් වීම් එහෙමත් දුරදිග ගියා..'




'ඊයේ හවස එයාව අරන් එන්න ගියත්, එයා හිතුවක්කාර වෙලා ත්‍රීවිල් එකකට නඟින්න හැදුවා. මට තරහා ගියා. පස්සෙ තමයි කාර් එකේ තිබ්බ ආයුධයක් අරන් එයාගේ බෙල්ලට ගැහුවේ...'

'මම එයාට ගැහුවේ එයාව මරන අරමුණකින් නෙවෙයි. එයා මැරිලා කියලා දැනගත්ත නිසා මම රටින් පනින අරමුණින් එයාර්පොට් ආවා...'




කෙසේ වෙතත් විමර්ශනවලදි අනාවරණය වී ඇත්තේ 'සැකකරු' අවස්ථා ගණනාවකදී 'දුලාංජලීගේ' නීත්‍යානූකූල සැමියා ඝාතනය කරන බවට ඇයට තර්ජනය කර ඇති බවයි.

'තර්ජන' ඉවසා වදාරා ගත නොහැකි තැන ඈ සැමියා හා 'විදෙස්ගත' වීමට පවා සැළසුම් සකස් කළ බැව් අනාවරණය වී තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka