කොට්ටාව - මාකුඹුර ප්‍රදේශයේ මහල් නිවාසයක කුලී පදනම මත සිටි 46 හැවිරිදි රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති පුද්ගලයෙක් පසුගිය 28 වැනිදා වස පානය කර සියදිවි හානිකරගෙන තිබුණා.
ඔහුගේ අවසන් කටයුතු සිදුකළ දින රාත්‍රියේ එම පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් තිදෙනාත් සියදිවි හානි කරගෙන තිබුණා.
පොලිසිය කරන ලද පරීක්ෂණවලින් අනාවරණ කරගෙන ඇත්තේ ඔවුන් ද දිවි හානිකරගෙන ඇත්තේ වස පානය කිරීමෙන් බවයි.
සිය දිවි හානිකරගත් රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති පුද්ගලයා ආගමික දේශන පවත්වමින් එම දේශන සමාජ ජාල ඔස්සේද ප්‍රචාරය කළ අයෙක්.
ඔහුගේ බොහෝ දේශනවල වැඩි වශයෙන් මරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම් සිදුකරන අයුරුද දක්නට ලැබුණා.
මේ අතර අදාළ පුද්ගලයාගේ ආගමික දේශනවලට සහභාගි වූ අනුගාමිකයෙකුගේ මළ සිරුරක් මහරගම දුම්රියපොළ පාරේ ලැගුම්හලක තිබී අද උදැසන සොයාගෙන තිබෙනවා.
ඔහුද කිසියම් වස වර්ගයක් පානය කර තිබු පවයි පොලිසිය පැවසුවේ.
මෙසේ මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ තිලකපුර ප්‍රෙද්ශයේ පදිංචි මොරිස් මොහාන් ප්‍රීති කුමාර නමැති අවුරුදු 35 ක් වයසැති තරුණයෙක්.
මෙම පුද්ගලයා ආගමික දේශන පැවැත්වු රුවන් ප්‍රසන්න ගුණරත්න නමැති පුද්ගලයාගේ දේශනවලට සහභාගි වු අයෙක් වන අතර, ඔහුගේ අවමගුලටද ඔහු සහභාගි වි තිබුණා.
ඔහු මිය ගිය ස්ථානයේ තිබී සයනයිට් බවට සැක කළ හැකි බෑගයක්, වතුර බෝතලයක් සහ ජංගම දුරකථන දෙකක් ද හමුවී තිබෙනවා.
මේ අතර යක්කල - රාෆල්වත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 21තරුණියක් ද කිසියම් උග්‍ර විෂ වර්ගයක් පානය කිරීමෙන් සිය දිවි හානිකරගෙන තිබෙනවා.
එම තරුණිය ද ආගමික දේශන පැවැත්වු රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ අනුගාමික තරුණියක වන අතර, ඔහුගේ අවසන් කටයුතුවලට ඇයද සහභාගි වී සිට තිබෙනවා.
පොලිසිය පැවසුවේ මෙලෙස සියදිවි හානිකරගත් එකම පවුලේ පස් දෙනා ඇතුළු හත්දෙනාගේම මරණ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලදි සමානකම් රැසක් හඳුනාගැනීමට හැකි වු බවයි.
පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම පුද්ගලයාගේ දේශනවලට සහභාගි වු පුද්ගලයින් සිටී නම් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසයි.
මේ අතර, සියදිවි හානිකර ගැනීම සඳහා කිසිදු ආගමක් මගින් අනුබල නොදෙන බවයි ආගමික නායකයින් පෙන්වා දෙන්නේ