gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රුවන් ප්‍රසන්න තමයි මගේ එකම ශාස්තෘවරයා... 'රුවන් ප්‍රසන්න' කියූ 'මරණයේ සුවපහසුව' සොයා ගිය 21ක් වයස 'දිනිති මන්දාකිණි'ගේ ඛේදාන්තය

'අපි මැරෙනවා! ආයෙ උපදිනවා, අපි මැරෙන්නෙ හදිසියෙන් ද කලබලෙන්ද? අපිට අපේ අවසානය කළමණාකරනය කරගන්න බැරිවුණොත්, කවුද අපිව බේරගන්න ඉන්නෙ???'

ෆේස්බුක් ඇතුළු 'සමාජ මාධ්‍ය' භාවිතා කරමින්, විහාරස්ථාන ඇතුළු විවිධ 'ස්ථානයන්හි' මරණයේ 'සුවදායක' බැව් කියමින් 'දේශනා' පවත්වන්නට යෙදුණු 'රුවන් ප්‍රසන්න ගුණරත්න' ගැන සීඅයිඩී ය තවත් තොරතුරු බොහෝමයක් අනාවරණය කරගෙන තිබෙනවා.

මේ වන විට 'රුවන් ප්‍රසන්න' ඇතුළුව 7 දෙනෙකු 'සියදිවි' නසාගෙන ඇති අතර, රුවන්ගේ පවුලේ 'සාමාජීකයින්'ට අමතරව ඔහුගේ 'දේශන' වලට සවන් දුන් තවත් පිරිස් ද ඒ අතර වනවා.

මෙම 'දේශනා'වලට සවන් දුන් පිරිස් කෙරෙහි 'පොලිසියේ' අවධානය යොමුවූයේ ඉන් අනතුරුවයි. (ඊයේ දිනයේ ඔවුන්ගෙන් කිහිප දෙනෙක් මාලබේ පොලිස් ස්ථානයට කැඳවා ඇති බැව් ද අපට වාර්තා වුණා.)

'රුවන් ප්‍රසන්න'ගේ දේශනවලට සවන් දුන් අය වෙතොත් ඔවුන් ගැන 'අවධානය' යොමු කරන ලෙස ද 'නිහාල් තල්දූව' පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ මාධ්‍ය හමුවේ 'විශේෂ දැනුම්දීමක්' සිදු කළා.

කෙසේ හෝ වේවා, පරික්ෂණ අනුව 'තහවුරු' වන්නෙ මෙම දේශකයා තමන් 'සෝවාන්' වී ඇති බැව් පවසමින් අදාළ දේශනා සිදු කර ඇති බවයි.

ක්‍රමයෙන් සිය 'අනුගාමීකයින්'ගේ 'මොළ' සේදූ 'රුවන් ප්‍රසන්න' ඔවුන්ව මරණය කරා මෙහෙයවා ඇත්තෙද ඉතා 'සූක්ෂම' අයුරිනු යි.

සිය දේශනවලට ඇහුම්කන් දුන් පිරිස් ඔහු විසින් 'මරණය' වෙත බලහත්කාරයෙන් යොමුකර ඇති බවට 'බුද්ධි අංශ' මේ වන විටත් තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

'රුවන් ප්‍රසන්න'ගේ 'නොමනා ක්‍රියාවන්' හමුවේ ජීවිතයෙන් වන්දි ගෙවූ අයවුන් අතර සුරූපී තරුණියක් ද වන අතර, ඇය නමින් 'දිනිති මන්දාකිණි'. (ඇය සරසවි සුදුසුකම් ලැබූ තරුණියකද වනවා)

21 හැවිරිදි ඇය බොහෝ 'පිරිස්' වෙත කාරුණික වූත්, උපකාර කළා වූත් තැනැත්තියක් බැව් ඇගේ අසල්වාසීන් සඳහන් කරනවා.

මේ අතර, 'දිවි තොර කරගත්' මොරින් මොහාන් නම් තරුණයාද 'රුවන් ප්‍රසන්න'ගේ දේශන සඳහා මෙන්ම ඔහුගේ අවමංගල්‍ය දා ද පැමිණ ඇති අතර, ඇති වූ 'සැකයක්' මත පොලිසිය ඔහුගෙන් ද ප්‍රශ්න කර තිබුණා.

එහිදී ඔහු පොලිසියට අමුතුම ආකාරයේ පිළිතුරක් ලබා දී තිබුණා.

'මේ නැතිවුණු රුවන් ප්‍රසන්න මගේ ශාස්තෘවරයා... මමත් ධ්‍යානයක් ලබලා ඉන්නෙ... මෙතුමාගෙ අනුගාමීකයෙක් මං...'

ප්‍රදේශ කිහිපයක ම දේශනා පැවැත්වූ 'රුවන්'ගේ දේශනා ඇසූ බොහෝ පිරිසකගෙන් මේ වන විටත් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවටයි තොරතුරු අනාවරණය වන්නෙ.

'රුවන්'ගේ පවුලේ පිරිස් ද බාහිර සමාජයෙන් ඈත්ව වාසය කර ඇති අතර, ඔහු සිය දරුවන් ද පාසල් නොයවා ඇති බව සඳහන්.

'පොළොන්නරුවේ' පදිංචි මොවුන් මීට මාස කිහිපයකට පෙර පොලොන්නරුවේ සියලු ඉඩම් විකුණා දමා හෝමාගම මාකුඹුරේ පිහිටි මහල් නිවාසයකට පැමිණ තිබුණා. (මෙම මහල් නිවාසයට ඔහු එක් ලක්ෂ පනස් දහසක මුදලක්ද මාසිකව ගෙවීම් කර තිබුණා...)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka