'දිනිති වල්ගමගේ' කියන්නෙ පසුගිය දින කිහිපයේ ම 'සමාජ මාධ්‍ය' තුළ අතිශය කතාබහට ලක්වුණු කෙනා.
'ඈ' විසින් සිදු කෙරූ 'එකෝමත් එක ප්‍රකාශයක්' ලොකු ආන්දෝලනයක් ඇති කළා වගේම මේ මොහොත වෙනකොටත් ඈ ගැන ඒ 'කතාබහ' අඩුවක් නැහැ.
ඒක එහෙම වුණත් 'දිනිති' ඒ කිසිම දෙයක් 'මායිම්' කරන්නෙ නැති කෙනෙක්. (දැන් 'ඈ' ඒවා නොසළකා හරිනවා විතරයි...)
ඒත් මීට කාලෙකට කලින් නම් ඇය තමන්ව හරියට 'රිද්දගෙන' තිබුණා.
මේ ඒ ගැන, ඇය මෑතක 'සම්මුඛ සාකච්ඡාවකදි' කියපු කතාවක්....
ප්ලයි කරන්න ගිය දිනිතිගේ මතක...
මගේ අයියා මාත් එක්ක කොහොමත් තරහා වෙලා හිටියා මාසයක් විතර, එයාර්ලයින් එකට ජොයින් වුණා කියලා. පොඩි අයියා ඉංජිනියර් කෙනෙක්. එයා මට අසීමිතව ආදරය කරන කෙනෙක්. මගේ අම්මයි තාත්තයි දෙන්නම ටීචර්ස්ලා. එයාර්හොස්ටර් කෙනෙක් කියන්නෙ තේ අල්ලනවා කියලා හිතන්නෙ හැමෝම.. අපි ප්ලයි කරන අතරේ කී දෙනෙක්ට ඔක්සිජන් දීලා තියෙනවාද? එහෙනම් ඇයි ඒකට යන්න මෙච්චර අමාරු..? මම ගිය ඉන්ටවීව් එකේ පන්දාස් ගාණක් ආවා. තෝරගත්තෙ 70 ගාණයි..
සමාජ මාධ්‍ය තුළ පතුරු ගහන්න ගත්තනේ..?
තාත්තා බය වුණේ, මේක දරාගන්න බැරිවෙයි කියලා. ඒගොල්ලො හිතුවේ නෑ මම මෙච්චර හයිය කෙනෙක් කියලා. අම්මා අනිවාර්යෙන්ම දන්නවා මට බනින්න ගන්නවා, පස්සෙ මම මානසිකව වැටෙයි කියලා. මට හයිය තියෙනවා. හැබැයි තාමත් වැටෙන එකම කෙනා තාත්තා.
අසුන්දර අත්දැකීම් මොනාද ජීවිතේ..?
අපි ඉතින් ගෙවල්වල මෙහෙම ඉන් නෑ. රඟපාන් නෑනේ අපි ගෙවල්වල. මගේ හැටි... මම මේ විදිහ.. මම හැමතිස්සෙම කියවනවා, දඟලනවා. යාලුවෝ එක්ක ඉද්දි මම ලිමිට් නෑ. මගේ යාලුවොත් එක්ක මම ඉන්නකොට, එක්කෙනෙක් වීඩියෝ කරලා තිබුණා. මදුරුවෙක් ගැන එකක්.. මම මදුරුවෝ මරන් නෑ ඉතින්.. මම ලොකුඅම්මට කියනවා මරන්නකෝ කියලා. මේ වීඩියෝ වට්ස්ඇප් ගෲප්වල ගියා. මම දැනුවත්ව දාපු එකක් නෙවෙයි. ඒක පස්සෙ සෝශල් මීඩියා වල වයරල් වුණා. මම කවදාවත් කිසි කෙනෙකුට මගේ ෆෑන් කෙනෙක්ට බනින් නෑ. මගේ අම්මා තාත්තාට ඒක ප්‍රශ්නයක් වුණේ නෑ.