ගෝඨාභය රාජපක්ෂ' පාලනයෙන් නෙරපා දැමූ 'ජනතා අරගලය' අතරතුර දී 'බැසිල් රාජපක්ෂ' විසින් කළ කී දෑ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පසුගිය දිනෙක අනාවරණය කර තිබුණා.
'බැසිල් රාජපක්ෂ' සිය වීසා බලපත්‍රය සකස් කොට දෙන මෙන් 'හඬා වැළපුණු' බැව් ද ඒ මහතා සඳහන් කරනවා.
එසේම රටේ 'වත්මන්' ආර්ථික තත්ත්වය සහ 'පාලනය' ගැනත් 'විවේචනය' කෙරූ 'චම්පික රණවක' අන් රාජ්‍යයන් හා සංසන්දනයක යෙදෙමින් පළ කෙරූ අදහස් මේ....
'අද අමරිකාවේ ජනාධිපතිට වඩා සිංගප්පූරුවේ අගමැතිගේ පඩි වැඩියි.. ඇයි ඒ? එයා වැඩ පෙන්වන්න ඔිනි.. එයාව බලන්න වෙනම යුනිට් එකක් දාලා තියෙන්නෙ.. ඉලක්ක සැපුරුවොත් විතරයි පඩිය ලැබෙන්නෙ...'
'වැඩ කරන, වැඩ පෙන්වන මිනිහට, ගෙවන්න ඔිනි අපි. එතකොට තමයි මිනිස්සුන්ට උද්දීපනයක් එන්නෙ... දැන් අපේ ව්‍යාපාරිකයෝ ගන්නකෝ. පළවැනි 10 දෙනාම ගන්න.... ධම්මික පෙරේරා නැතුව.. මොනාවයිද හැදිලා තියෙන්නෙ? හොඳ සල්ලි වලින්ද? ආණ්ඩුව එක්ක ජාවාරම් කරලා...... අයථා විදිහට... මෙම් රටේ මෙන්න මේ ව්‍යාපාරික ප්‍රජාව හදාගන්න ඔිනි...'
'ප්‍රේමදාස මහත්තයා ගමට ගෙනියපු ෆැක්ටරි කීයක් ඉතිරිද බලන්නකෝ...? මතකද ඒක පටන් ගත්ත කෙනා? මනුස්සයත් බංකොලොත් වුණා.. ඒ යුගය ඉවරයි...'
එසේම 'රණවක' මහතා සඳහන් කළේ 'හිටපු ජනපතිවරයෙක්' පන්නා දැමීම 'ඉතිහාසගත' වූ සංසිද්ධියක් බවයි.
'මේ රටේ ගිය අවුරුද්දේ, බලයට පත් කරපු පාලකයාව ගෙදරට ගිහින් පැන්නුවා. එහෙම ඉතිහාසයක් මීට කලින් තිබිලා නෑනේ. දැන් කිවුවට සිංහයට ගැහුවොත් හැරිලා බලනවා කියලා, අපි දැක්කනේ හැරිලා බලපු හැටි. හැංඟිලා හිටියේ නාවින්න හමුදා කඳවුරක. වීසා එක ගහලා දෙන්න කියලා නායක හාමුදුරුවන්ට කිය කිය ඇඬුවා. වීසා එක ගහලා දෙන්න හාමුදුරුවනේ කියලා, මොකද ඒ වුණේ? මිනිස්සු නිවටයෝ නෙවෙයි, වෙන දේවල් ඉස්සරහා නැඟිටින් නැතුව ඉන්න..'