gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'ඔබට සතුටුයි ද දැන්?' කියලා, සනත් නිශාන්ත, අනතුරින් පස්සෙ 'දමිතා අබේරත්න'ගේ ෆොටෝ එකක් දැම්මේ ඇයි?

රාජ්‍ය අමාත්‍ය 'සනත් නිශාන්ත' ගමන් ගත්ත ජීප් රිය, වෙනත් රියක ගැටී සිදුවූ 'අනතුරින්' පසු වාහනයේ කෝටිපති ව්‍යාපාරිකයෙක් ඇතුළු පිරිසක් 'යකඩ ඉන්නක්' ගෙන ඇමතිවරයාගේ 'වාහානයට' අලාභ හානි කර ඇති 'පුවත' මේ වන විටත් බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්ව තිබෙනවා. (ඒ ගැන මොනරා අපි ඔබට මුල්වරට අනාවරණය කළා....)

ඇමතිවරයා ඇතුළු පිරිසක් 'දංකොටුව' ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීමට යන අතරතුර දී 'මෝදරවැල්ල' දේවස්ථානය අසළයි මෙම අනතුර සිදුව ඇත්තේ.

පහරදීම සම්බන්ධයෙන් අදාළ 'කෝටිපති ව්‍යාපාරිකයා' අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වනවා.

කෙසේ හෝ වේවා 'ඇමතිවරයා' දුටු විගස අදාළ පිරිස කෝපයට පත් වූ බව ද සඳහන්.

දැන් 'සනත් නිශාන්තගේ අනතුර' සමාජ මාධ්‍ය උණුසුම් කර ඇති අතර, ඇමතිවරයාගේ අනතුරට 'සතුට පළ කරමින්' බොහෝ දෙනෙක් විවිධ ප්‍රතිචාර දක්වා ඇති අයුරු අපට නිරීක්ෂණය වුණා.

මේ අතර, 'සනත් නිශාන්ත' මෙම සිදුවීමෙන් අනතුරුව මීට මොහොතකට පෙර ඔහුගේ 'ෆේස්බුක්' ගිණුමට ද සටහනක් එක් කර තිබුණා.




'අරගල බද්ද සැපද?????' යනුවෙන් සඳහනක් කර ඇති අමාත්‍යවරයා 'දමිතා අබේරත්න'ගේ ඡායාරූපයක් ද ඊට එක් කර තිබෙනවා.

'අරගලය' හා සුවිශාල වෛරයක් පිරිමහන 'සනත් නිශාන්ත' මින් පෙර අවස්ථා ගණනාවකදී සිය ෆේස්බුක් ගිණුමට යන එන පිරිස් හා 'ගැටුම්' ඇති කර ගත් අයුරු 'මොනරා' අප විසින් වාර්තා කළා ඔබට මතක ඇති.

'සනත් නිශාන්තගේ රහසිගත ජීවිතය' සහ 'සනත් නිශාන්තගේ කැරැට්ටුව හෙළි කරන බිරිඳ' යනුවෙන් අප පළ කෙරූ වීඩියෝවකට ද 'දමිතා අබේරත්න' ප්‍රවීණ නිළිය සටහනක් එක් කොට තිබුණා.

'පුදුම වැදගත් නෝනා කෙනෙක් ..හරිම සතුටුයි..ඒත් මහත්තයනම් ඔබතුම්‍යගෙ ලගින්වත් තියන්න බෑ..ඒ තරම් මේ රටේම අම්මල තාත්තලට ගින්දර දුන්නු මනුස්සයෙක්..ඒක නිසා අපි නම් කොහොමත් කාගෙවත් ගෙයක් ගිනිගන්නවට තුන් හිතකින්වත් කැමති නැ..හැබැයි ඔබතුමිය අහිංසක වුනාට මේ මනුස්සයට කියල දෙන්න අර වල් බූරු රාහපක්ශලත් එක්ක එකතු වෙලා ඔයාලගෙ දරුවො වෆේම දරුවො ගොඩාක් අද බඩගින්නෙ ඉන්නෙ මෙයාලගෙ කෙරුවාව නිසා..අනේ ඔබතුමිය උලුවන්නම් ඔය මහත්තයට අන්න ඒක වටහල දෙන්න!!'

මේ අතර, 'සනත් නිශාන්තගේ රිය අනතුර'ත් සමඟ තවත් බොහෝ දේ 'කරළියට' පැමිණෙමින් තිබෙනවා.

'නාමල් රාජපක්ෂ'ගේ 'ලයිට් බිල' ගෙවීම සම්බන්ධයෙන් ද ඒ සමයේ 'සනත් නිශාන්ත'ට චෝදනා එල්ල වූ අතර, සනත් නිශාන්ත ඒ සම්බන්ධයෙන් මෑතක යූටියුබ් නාලිකාවක් වෙත ද අදහස් දැක්වීමක් සිදු කර තිබුණා.

මෙම වීඩියෝව නැවත වතාවක් 'කරළියට' පැමිණ ඇති බව ද අපට නිරීක්ෂණය වුණා.

'බිල් නම් මොනාද? මගේ ගාව විදේශිකයොත් වැඩ කරනවා, ඒ නිසා මුදල්වල නම් ලොකු ප්‍රශ්න නෑ.....'

'මහින්ද - මෛත්‍රී ජනාධිපතිවරණය වෙලාවේ මම ජීප් එකක් ඔට්ටු ඇල්ලුවා ඩඩ්ලි සිරිසේන එක්ක. ජීප් එක දුන්නා ඉතින්... 2015 පැරදුනු ගමන් මම ජීප් එකත් දුන්නා.... ඒක එහෙම වෙද්දි ලක්ෂ 25 මොකද්ද...?'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka