gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"පස්සෙන් පන්නලා ලොකු මානසික වදයක් දුන්නා..." - කාන්තාවක් නිසා හිත රිද්දගත්ත 'දමිත් අසංක' වේදනාවෙන් කතාකරයි

චාමර වීරසිංහ' ගායන ශිල්පියා මේ වන විටත් 'කලුබෝවිල' රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බැව් ඔබ දන්නවා ඇති. ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත්, සුව වෙමින් සිටින බවත්, 'රුක්ෂාන් බෙල්ලනගේ' පසුගිය දිනෙක මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබුණා.

මේ වන විටත් 'චාමර'ව පතුරු හරිමින් සිටින ඇතැම් 'බුකීවාසීන්' ඔහුගේ 'නරක පුරුදු' හෝ ඉන් එහා ඔහුගේ 'පුද්ගලික කෝන්තර' පවා එළි පහළියට අදිමින් ඉන්නවා.

එවන් මොහොතක පළවූ 'සමාජ මාධ්‍ය සටහනක්' මේ වන විට බොහෝ පිරිසකගේ අවධානයට යොමු ව ඇති අතර, කාන්තාවක් ලියූ ඒ සටහන පහතින් බලන්න...

උග්‍ර මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් සිදු වූ ලෝකයේ ජනප්‍රියම තරු මරණ අතර මැක් මිලර්, හීත් ලෙජර්, ප්‍රින්ස්, පිලිප් සේමූර් හොෆ්මන්, ඩොලෝරස් ඔරියෝඩන් සහ මයිකල් ජැක්සන් සිටී. මේ පුද්ගලයන් දක්ෂතා තුලින් ජනප්‍රියතාවයේ උපරිමයටම ගිය අතර මත්ද්‍රව්‍ය භාවිතය නිසා බොහෝ පසුබෑම් වලට ලක්ව දිවියෙන් සමු ගත් වුන් වෙති. කට හඬෙහි තීව්‍රතාව වෙනුවෙන්, නිදි මැරීමට හැකියාව ලැබීම වෙනුවෙන් හා මත්ද්‍රව්‍ය භාවිතය කලාවේ දර්ශනයක් වැනි පටු ආකල්පයන්හි එල්බ තාවකාලික තෘප්තිය පතා මෙලෙස සදාකාලික විනාශයන් ළඟා කර ගැනීම නිසා එම ජනප්‍රිය පුද්ගලයන්ගෙන් පසුකාලීනව, පෙර සේ අමතක නොවන ප්‍රේම ගීත අඩු වීම සම්භාව්‍ය තනු අඩු වීම, නව නිර්මාණ අඩු වීම, ප්‍රසංග වලදී පෙර දක්ෂතා නොදැක්වීම, අමතක වීම, ප්‍රසංග වලදී අපහසුතාවන්ට ලක්වීම වැනි දේවල් සිදු විය. බොහෝ විට ලංකාවේ මෙවැනි සිදු වීම් සමාජගත නොවීමත්, සමාජගත වීමේදී වැරදි පූර්වාදර්ශ පමණක් ගැනීමට ඇතැමුන් හුරුවීමත් නිසා බොහෝ සිදුවීම් කාලය සමඟ මතකයෙන් බැහැරට යමින් තිබේ. කෙසේ වුවද, #හදවතේ_ගායකයා ලෙස කිරුළු පලන් #චාමර_වීරසිංහ Chamara Weerasinghe මේ වන විට කෘතිම ශ්වසන ආධාරකයෙන් මිදී සුවපත් වෙමින් සිටින බව වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා මාධ්‍යට ප්‍රකාශ කොට ඇත. ඔහුගේ උගුරේ ශල්‍යකර්මයක් සිදු නොකළ බවද, විවේක සුවයෙන් මාස හතරක් පමණ පසුව යළි සුපුරුදු ගායන තලයට පැමිණිය හැකි බවද වෛද්‍ය බෙල්ලන මහතා වැඩි දුරටත් පවසයි. චාමර වීරසිංහ ගායකයාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන අතර,මත්ද්‍රව්‍ය තම පෞරුෂයේ අංගයක් කොට ගත් පිරිසට එයින් මිදීමේ අවස්ථාව උදාකර ගැනීමට හැකි වේවායිද පතමි.' (නිලන්ති කලු ආරච්චි ලියූ ෆේස්බුක් සටහනක්...)

මේ අතර, මෙම සටහන සිය 'මුහුණු පොත'ට එක් කරගත් ගායන ශිල්පී දමිත් අසංක ඊට 'සැර පිළිතුරක්' ලබා දී තිබුණා.

එම සම්පූර්ණ සටහන පහතින් බලන්න....

'සංගීතය පිළිබඳව මෙලෝ හසරක් දැනුමක් අත්දැකීමක් නොමැතිව මේ වගේ සුන්දර මනුස්සයෙක් ගේ video එකකුත් දාලා මේ කරණ අපරාදය නම් මුළු ලෝකෙටම කරණ සාපයක්. මන්ද යත් මේ අය කළාකරුවන් drugs ගන්නවා කියලා ඇස් දෙකින් බලාගෙන හිටියා වගේ තමයි පොස්ට් දාන්නෙ. මම කියන්නෙ මේවට නීතියෙන් වාරණයක් ගේන්න ඕන අවවාද කරන්නත් ඕන එහෙම කරන්න එපා කියලා. මම පැහැදිලි කරන්නම් කොහොමද සම්බාව්‍ය තනු නොලැබෙන්නේ කියලා. ලෝකයේ වෙනස් වීමත් එක්ක එහෙම තනුවක් නිර්මාණය කරන්න කෙනෙක් නෑ....'

'තාමත් ඔය කිසිම දෙයක් පාවිච්චි නොකරණ සුනිල් එදිරිසිංහ අමරසිරි පීරිස් වැනි බොහෝම වටින ප්‍රවීණයන් පවා ඉන්නවා. පොත බාලගෙන සින්දු කියානේනේ. Drugs අරගෙන නෙමෙයි වචන අමතක වෙන්නේ තමන් සතු ගීත බොහෝ ප්‍රාමානයක් තියෙන නිසයි. ඒ අයටත් ප්‍රබුද්ධ තනු නැති වෙන්නේ ඒ අයගෙ වරදින් නෙමෙයි එහෙම තනු නිර්මාණය කරන්න දැන් කෙනෙක් නැති නිසයි. වියපත් වෙන්නේ ලෙඩ දුක් හැදෙන්නේ මහන්සි වෙන ප්‍රමාණය අනුවයි. ඒ ලෙඩ වීමට අපිත් වග කියන්න ඕන!'

'බුදු හාමුදරුවොන්ට ලේ අතීසාරය හැදිලා පිරිනිවන් පාන්න උනෙත් වෙනත් කෙනෙක් දීපු කෑමක් විෂ වෙලයි. මෙහෙම කරණ්න එපා මිනිස්සුන්ට. චරිතය ගාතනය කරන්න එපා. තවත් දෙයක් මෙයා ගැලපෙන්නෑ කියලා දාලා ගියපු අය පවා දැන් ඇවිල්ලා සමාජ මාධ්‍ය ට ලඟින් ඉන්න අයට දොස් කිය කියා බනිනවා මම දැක්කා. හැබැයි ඒ අය දාලා ගියා කියලා නිකන් හිටියේ නැ සල්ලි ඉල්ල ඉල්ලා පස්සෙන් පැන්නුවා. මානසිකව ලොකු වදයක් දුන්නා. කලාකරුවෝ හැම පැත්තෙන්ම අසරණයි. ඒ ගැන දන්නේ තවත් කළාකාරයෙක් විතරයි. මමත් තව මගේ රසිකයන් වෙනුවෙන් උපරිම අවුරුද්දක් දෙකක් ගී ගයයි. ඉන් එහාට දකින්න වත් නැති ස්වබාවයකට පත් වෙයි. නමුත් ආදරේ හැමෝටම දිවි තුරා ආදරෙයි. ආයෙත් ඉල්ලන්නේ තමන් නොදන්න දේවල් පුද්ගලයන් ගැන හිතට එන දේවල් කියන්න එපා. ඇත්ත කතාව ඊට වඩා ගොඩාක් වෙනස්. සමහර විට සමුගැනීම අද වෙන්නත් පුළුවන්'
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka