ශලනි තාරකා කියන්නෙ ලංකාවේ බොහෝදෙනා ආදරය කරන ජනප්‍රිය තාරකාවක්. ජනප්‍රියකම නිසාම තමන් ඇසුරෙන් කාලෙන් - කාලෙට විවිධ පුවත් මැවෙන එක ශලනිට නම් අමුතු දෙයක් නෙවෙයි.
හැබැයි මේ පාර නම් පුවත් මැවිලා තියෙන්නෙ ශලනි කරපු දෙයක් නිසා නම් නෙවෙයි, කේක් එකක් නිසා..! පසුගියදා පැවති කේක් නිර්මාණ ප්‍රදර්ශනයකදි ශලනි තාරකාගෙ අනුරුවක් අයිසින්වලින් නිර්මාණය කරලා තිබුණා. ඒ ගැන, අදාළ ඇකඩමියෙන් පෙරේදා (06) පළ කරලා තිබුණු ෆේස්බුක් සටහන පහතින් උපුටා දක්වලා තියෙනවා :-
"ලංකාවේ ජනප්‍රියම නිළිය, ශලිනි තාරකා අයිසින්වලින් නිර්මාණය කල හැටි.
.................................................................................................
ශලිනි තාරකා ලංකාවේ ජනප්‍රියතම නිළියක්.
නිරන්තරයෙන් සමාජයේ කාගේත් අතර කතාබහට ලක්වන චරිතයක් වන ඇය හැමෝගෙම ආදරයට පාත්‍ර වන කලා ශිල්පිණියක්.
පසුගියදා විවාහ වූ ඇයගේ මංගල ඇදුමින් සැරසී සිටි මේ නිර්මාණය සම්පූර්ණයෙන්ම නිර්මාණය කර ඇත්තේ අයිසින්වලින් යැයි පැවසුවොත් ඔබ පුදුම වෙනවා...?
ඔබ හිතන්න, මේ වගේ නිර්මාණයක් කරන්න, කොච්චර මහන්සි වෙන්න ඔනෙද? කොච්චර කැප වෙන්න ඔනෙද? කොච්චර නිර්මාණශීලී හිතක් තියෙන්න ඕනද?
මේ ඔබ දකින්නේ, බැලු - බැලුදෙනා විශ්මයට පත් නිර්මාණ රැසක් ඇතුලත් වූ Lakshmi Kumari - International Sugar Studio & Academy සංවිධාන කල Graduation ceremony & Master Piece Display 2023 කේක් නිර්මාණ ප්‍රදර්ශනයට ඇතුලත් වූ, මෙරට පළමු වරට නිර්මාණය කළ ජනප්‍රිය නිළි ශලිනි තාරකාගේ අයිසින් අනුරුවයි"
මේ තියෙන්නෙ අයිසින්වලින් නිර්මාණය වුණු ශලිනිගෙ අනුරුවේ ඡායාරූප :-
ශලනිගේ අයිසින් අනුරුවට ෆේස්බුක් එකේ හරි අපූරු ප්‍රතිචාර ලැබිලා තිබුණා. කමෙන්ට්ස් කිහිපයක් පහතින් :-