gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්වය ගැන අලුත් අරාංචියක්!

රෝහල්ගතව ප්‍රතිකාර ලබන ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.

සමාජ මාධ්‍ය තුළ පැතිර යන ආකාරයේ උගුරේ ශල්‍යකර්මයකට ඔහුව භාජනය නොකෙරුණු නමුත් නැවතත් ඔහුට ගීත ගායන කිරීම සඳහා මාස 4ක හෝ 5ක කාලයක් ගතවනු ඇති බව ඔහු තවදුරටත් සඳහන් කළා .

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ  වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා,

“ජනප්‍රිය ගායක චාමර වීරසිංහ කෘතිම ශ්වසන ආධාරකවලින් තොරව දැන් සාමාන්‍ය පරිදි ශ්වසනය සිදුකරනවා. නමුත් ඔහුව තවදුරටත් දැඩි සත්කාර ඒකකය තුළ රඳවා ගනිමින් දැඩි නිරීක්ෂණයක නිරතවෙමින් සිටිනවා. සමස්තයක් ලෙස කියන්න පුළුවන් වෙන්නේ ඔහුගේ තත්ත්වය හොඳ අතට හැරී තිබෙනවා.”

“අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඔහුව උගුරේ ශල්‍යකර්මයකට භාජනය කෙරුණේ නැහැ. නමුත් ඔහුගේ හඬ යථා තත්ත්වයට පත්වෙන්න ටික කාලයක් ගතවෙයි. ඒ නිසා ඔහුගේ හඬට විවේකයක් අවශ්‍යයි. මාස 4ක් 5ක් විතර යනකොට ඔහුට නැවත ගායන ක්ෂේත්‍රයට පිවිසීමට හැකියාව ලැබෙයි. තවත් නොබෝ දිනකින් ඔහු සියයට සියයක් සුව අතට පත්වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka