gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

උසස් පෙළ කාලසටහනේ සුළු වෙනසක් – හෙට විභාගයට යන්න කළින් මේ ගැන දැනුවත් වෙන්න

උසස් පෙළ කාලසටහනේ සුළු වෙනස් කිරීමක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ අයදුම්කරුවන් අවධාන යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ඉල්ලීමක් කරයි.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරයා,

“මෙවර අලුත් විෂයක් එකතුවෙලා තියෙනවා. කොරියානු භාෂාව. ඒ විෂය එකතු කිරීමට යෑමේ දී කාලසටහනේ පුංචි වෙනස්කම් කිහිපයක් සිදුකරන්නට වුණා. ඒ නිසා මම සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා පෙර පැවති කාලසටහන පාවිච්චි කරන්නට එපා. මොකද සමහර වෙබ් අඩවිවල මේ කාලසටහන වැරදි විදියට දක්වලා තියෙන්න පුළුවන්. ඒ නිසා අපේක්ෂකයින්ට පහසුවෙන්න අපි ප්‍රවේශපත්‍රයේම මේ කාලසටහන දක්වලා තියෙනවා. ඒ නිසා කිසිදු වෙනත් තොරතුරකට යන්න අවශ්‍ය නෑ. ඔබේ ප්‍රවේශපත්‍රය ගත්තහම එකේ වෙන්කර ගන්න කොටසක් තියෙනවා. ඒ කොටසේ ඔබ ඉල්ලුම් කළ විෂයන්වලට අදාළ දිනය විෂය අංකය, මොන පත්‍රය ද, මාධ්‍ය, ඒ විෂය පැවැත්වෙන වේලාව සඳහන් කර තිබෙනවා. එය ප්‍රමාණවත්. ඔබ වෙන කිසිදු දෙයක් සොයන්නට අවශ්‍ය නෑ කාලසටහන පිළිබඳව…”

මේ අතර, ආපදා අවදානම සහිත ප්‍රදේශවල පිහිටි උසස් පෙළ විභාග මධ්‍යස්ථාන වෙනුවට විකල්ප පාසැල් සූදානම් කිරීම සඳහා වැඩපිළිවලක් ක්‍රියාත්මක වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, අනුරාධපුර, කැකිරාව, පොළොන්නරුව, පස්සර, අම්පාර, මඩකලපුව සහ හසලක යන ප්‍රදේශ පිළිබදව දැඩි අවදානය යොමුකර ඇති බවය.

“සියලු දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා, අවසන් මොහොත වෙනතුරු ඉන්න එපා. තමන්ගේ මධ්‍යස්ථානයට යන්න බාධාවක් තියෙනවා දැයි සොයා බලන්න. එහෙම තියෙනවා නම් ළඟම තියෙන කලාප කාර්යාලයට, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ක්ෂණික අංකයට කතා කරලා විභාගයට යන්න අවශ්‍ය පරිසරය සකස් කරගන්න. එවැනි තත්ත්වයක් නැති තැන්වල වුණත් විභාග මධ්‍යස්ථානයට කල් ඇතිව යන්න. ඔබට පුළුවන් අවශ්‍ය නම් යම් අධ්‍යයනයක් සිදුකරන්න. ඒ ශාලාධිපතිවරු ඔබගේ සටහන් ඉවත් කරන්න කියන තුරු අධ්‍යාපන කටයුතු කරන්න. විභාගය ලිවීමට අවශ්‍ය මානසික වාතාවරණය ඇති කරගන්න කියලා ඉල්ලීමක් කරනවා…”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka