සිම්බාබ්වේ තරඟාවලිය සඳහා වන ශ්‍රී ලංකා අවසන් එක්දින සංචිතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
එම සංචිතය ක්‍රීඩකයින් 17කින් සමන්විතයි.
එහි මූලික සංචිතය පසුගියදා නම්කළ අතර ඊට ක්‍රීඩකයින් 21 දෙනෙකු ඇතුළත් වුණා.
එම සංචිතයේ සිටි කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, අසිත ප්‍රනාන්දු සහ චාමික ගුණසේකර අවසන් සංචිතය සඳහා නම්කර නැහැ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මේ බව ප්‍රකාශ කළා.
මීට අමතරව එම සංචිතය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ද නම්කර ඇති අතර ඔහුගේ ශාරීරික යෝග්‍යතාවය අනුව තරග සඳහා ක්‍රීඩා කිරීම තීරණය කරන බවද තේරීම් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
එම 17 දෙනෙකුගෙන් සමන්විත එක්දින සංචිතය පහතින්.
කුසල් මෙන්ඩිස් (නායක)
චරිත් අසලංක (උප නායක)
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
සදීර සමරවික්‍රම
සහන් ආරච්චිගේ
නුවනිඳු ප්‍රනාන්දු
දසුන් ශානක
ජනිත් ලියනගේ
මහීෂ් තීක්ෂණ
ඩිල්ශාන් මධුශංක
දුෂ්මන්ත චමීර
දුනිත් වෙල්ලාලගේ
ප්‍රමෝද් මදුශාන්
ජෙෆ්රි වැන්ඩර්සේ
අකිල ධනංජය