'අමුක ඩුමුක' කියන වෙනස් ම විදිහේ 'නර්තනයක්' නිසා හැමෝගෙම 'අවධානය' දිනූ 'විස්මකර්මයා' වුණේ 'රුකා'...
'රුකා'ගේ ආගමනය සමහරක් පිරිස් 'පිළිකුලෙන්' යුතුව හෙළා දකින්නත්, තවත් පිරිසක් ඔහුට 'අත්පොළසන්' දෙන්නත් ඉදිරිපත් වුණා.
රටේ 'ප්‍රධාන පෙළේ' මාධ්‍ය පවා 'රුකා' වෙනුවෙන් 'අසුන්' පැනවීම බොහෝ කලාකරුවන් පවා 'විවේචනය' කර තිබුණා.
ඒ නමුත්, අනෙක් අතට තවත් බොහෝමයක් 'ජනප්‍රිය පිරිස්', රුකා වෙනුවෙන් 'හඬ නඟන්නට' වුණා. ඔහු කෙරූ 'විස්මිත නර්තනය' දූපතෙන් එහා ලෝකයට 'ගෙන යා යුතුය' කියන තැනක ඔවුන් හිටියා.
'කලාකරුවන්' ඒ විදිහට 'පැත්තකට වීසි කළා' වුණත්, 'චන්දන වික්‍රමසිංහ' වැනි නර්තනයේ ප්‍රවීනයින් පවා 'රුකා' වරුණා කොට තිබුණා.
ඒ කොහොම වුණත් 'ජනප්‍රියත්වයේ' ඉහළම තැනක වැජඹෙන මොහොතක 'රුකා' තමන්ට හිමි 'ජනප්‍රියත්වය' ක්‍රමයෙන් අහිමි කරගනිමින් ඉන්නවා.
ඒකට නිශ්චිත 'හේතුවක්' නැති ම වුණත්, දැන් දැන් 'රුකා'ට ප්‍රිය කෙරූ පිරිස් පවා රුකා ව මේ අඩවියට 'නුසුදුස්සෙක්' විදිහට 'ලේබල්' කරනවා. 'ටික්ටොක්' සහ තවත් 'සමාජ මාධ්‍ය' කිහිපයක ම 'රුකා' වෙනත් 'සමාජ මාධ්‍ය' චරිත හා ගැටෙන වීඩියෝ පට පවා දැන් හුවමාරු වනවා.
රුකා - ඔයාගෙන් කොහොමත් බඩු ගන්න එන්නෙ බඩු තමයි...
සිහින කුමාරයා - ආ ඒමද? ඉතින් උඹෙත් මූණ බඩුව වගේනෙ. උඹ තනිකර පොන්**යා වගේනෙ... රෑට යන්න එහෙම එපා.... අශේන් එහෙම අ** ඇති නේද?
ඒ වීඩියෝ පටවල ඔහු 'නොසරුප්' වදන් පවසමින් සිදු කරන දේත්, බොහෝ දෙනෙක් 'හාස්‍යයට' ලක් කර තිබුණා.
තවත් පිරිස් ඔහුගේ 'අවසාන භාගය' මේ යැයි අනුමාන කිරීම් කරලත් තිබුණා.
තමන්ට 'වාසනාවකට' මෙන් හිමි වූ 'ජනප්‍රියත්වය' ඔටුනු පැළඳුවා වුණත් ඉන් එහා කිසිදු 'සැළකිල්ලක්' හෝ 'බලාපොරොත්තුවක්' නොවුණූ 'රැකා'ගේ මේ සෙල්ලම අවසානයේ ඔහු ට කුමක් නම් සිදු වේවීද ???????