ලංකාවේ 'හිඟන්නන්' වර්ගීකරණය අතින් ගත්තම, බොහෝමයක් 'උන්' දැන් විවිධාකාර උපක්‍රම යොදමින් 'සිඟන වෘත්තීයේ' යෙදෙමින් ඉන්න බැව් රහසක් නෙවෙයි.
මෑතක ඒ විදිහට තමන්ගේ 'බඩු මල්ල' හලාගන්න, (හලාගෙන අනුකම්පාව ගන්න) 'හාල් හලන මාමා' කෙනෙක් ගැනත් කතාබහට ලක්වුණා ඔබට අමතක නැතුව ඇති.
සැබෑම 'සිඟන්නන්' සහ ඒ ආකාරයේ 'රැවටිලි' කරන උන් සොයා ගත නොහැකි තරම් බොහෝ දෙනෙක් 'අන්ත අසරණ' වන අවස්ථාව ද නැතුවාම නොවෙයි.
මෑතක එවැනි ම වූ සිදුවීමක් සමාජ මාධ්‍යයේ හුවමාරු වූ අතර, 'බොරැල්ල' සිදු වූ එම සිදුවීමේ වීඩියෝවක් ද පුද්ගලයෙක් සිය සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබුණා.
මේ තියෙන්නෙ ඒ වීඩියෝවේ කතාව....
'ළගදි රෑ එක පාරම බොරැල්ල කලර් ලයිට් එකේ දී විදුරුවට තට්ටු කලා' ළමයට අසනිප වේලා ස්පිරිතාලේ එක්කන් යන ගමන් කිවුවා.පවු ලමයි දෙන්නේක් ඉන්න නිසා මොනවත් නොකියා උදවු කලා.පස්සේ එයාලා ස්පිරිතාලේ පැත්තට නෙවෙයි ගියේ.'
'පවු කියලා අපි විදුරුව වහද්දි,එතන තවත් එක්කේනේක් ඉදලා කිව්වා අපට තමයි කියක්වත් දෙන්නේ නැත්තේ ළමයි තියන් බොරු කරන උන්ට ඔයාලා අහුවෙනවා කියලා.ඔය එයාලගේ රස්සාව කියලා.'
'අද අහම්බෙන් රාජගිරියේ කලර් ලයිට් එක ගාව නවත්වලා ඉද්දි ඉස්සරහ හැම වාහනයකටම තට්ටු කරන්වා දැක්කා එදා වුන දේ මතක් වුනා පොඩ්ඩක් බලන් හිටියා එදා ඒ දෙන්නායි ළමයිනුයි.වැඩේ බලාගෙන ඉස්සරහට වේලා හිටියා.අද ස්පිරිතාලේ ඉදන් ටිකට් කපන් යන ගමන් ලූ' කියන්න හිතුනා ගොඩක් දේවල් මොනවත් කිවුවේ නෑ! ළමයින්වත් අරන් දෙන්නා ආතල් එකේ මේ කරන රස්සව පට්ට කියලා මට හිතුනා අපි වගේ මොඩයෝ ඉන්න කල්.' (සම්පූර්ණ උපුටා ගැනීම මුහුණු පොතෙන්...)