මීට දින කිහිපයකට පෙර විවාහ වී අනුරාධපුර මයිලගස්හන්දිය ආසන්නයේ 'හෝටල් කාමරයක්' කුලියට ගෙන රැඳි සිටි යුවළක, පිරිමි පුද්ගලයා ඉකුත් 29 වැනිදා ජීවිතක්ෂයට පත්ව ඇති බැව් 'අනුරාධපුර' මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පරසන්ගස්වැන, වරාගොඩ ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි 'ඉන්දික රණවීර බණ්ඩාර' නම් අයෙක්. (ඔහු වෘත්තීයෙන් දුරකතන අලුත්වැඩියා කරන අයෙක්...)
'යුවළ' හෝටල් කාමරය කුලියට ගත් අතරතුර 'කාන්තාව' ට 'හිසරදයක්' වැළඳි ඇති බවත්, ඇයට 'පානය කරන්නට' සැමියා විසින් 'ඖෂධ' ගෙනත් දුන් බවත් සඳහන්.
ඒවා පානයෙන් අනතුරුව 'තදින්ම' නිදා වැටුණු ඇය, අවදි වන විට 'හිත් කම්පා කරවන' සුලු දර්ශනයක් දැක තිබුණා.
'ඒක බිවුව හැටියේ මට හොඳටම නින්ද ගියා. එච්චරයි මතක... ඇහැරිලා බලනකොට එයා ෆෑන් එකේ එල්ලිලා මැරිලා හිටියා.....'