gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකන් ගුවන් සේවිකාව ඝාතනය අනියම් පෙම් පලහිලව්වක ප්‍රතිඵලයක්!

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවුම අසල දී ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවකගේ ගෙල කපා ඝාතනය කොට තිබේ.

ඊයේ (09) සවස 05.15 ට පමණ මෙම ඝාතනය සිදුව ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල මඩපාත ජබුරලිය ප්‍රදේශයේ පදිංචි දුලාංජලී අනුරුද්ධිකා නමැති 41 හැවිරිදි එක්දරු මවක වන අතර ඇයගේ සැමියා පානදුර රෝහලේ වෛද්‍යවරයෙකි.

මෙම ගුවන් සේවිකාව කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ සිට කාර්යාල සේවා බස් රථයකින් පැමිණ කහතුඩුව පිටවුමේදී බැස ත්‍රිරෝද රථයක් ගැනීම සඳහා ප්‍රධාන මාර්ගයට ගමන් කරමින් සිට ඇත.

මේ යන අතරතුර මෝටර් රථයක සිටි පුද්ගලයෙකු එකවරම ඇයට කඩුවකින් ගෙලට පහරදී පලාගොස් ඇත.

බරපතළ තත්ත්වයේ පසුවූ ඇය වෑතර රෝහල වෙත ඇතුළත් කළද ඇය ඒ වනවිටත් මියගොස් සිට ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඝාතනයට ලක් වූ මෙම කාන්තාවට මීට පෙරාතුව දුරකතන මගින් මරණීය තර්ජන සිදුව ඇති බවටද අනාවරණය වී ඇති අතර එම හෝඩුවාව ඇතුළු විවිධ පැතිකඩ ඔස්සේ පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.

ඝාතකයා පැමිණි මෝටර් රථයේ ලියාපදිංචි අංකය ඔස්සේ සිදු කළ මූලික විමර්ශනවලදී එය අනුරාධපුර ප්‍රදේශයේ එකක් බවට මේ වන විට අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. 

අනියම් පෙම් සබඳතාවක් මෙම ඝාතනයට හේතු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි. 

එම පුද්ගලයා වීසා උපදේශන ආයතනයක් පවත්වාගෙන යන අයකු බවට තොරතුරු ද පොලිසියට ලැබී ඇත. 

බම්බලපිටියේ පිහිටි ප්‍රසිද්ධ සාප්පු සංකීර්ණ ගොඩනැඟිල්ලක ඔහුගේ කාර්යාලය පිහිටා ඇති බව ද පොලිසියට ලැබී ඇති තොරතුරුවල සඳහන්ය.

ඇයට මන්නා ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ ඇගේ ගෙලෙන් ගලාගිය ලේ මාර්ගය පුරා තිබෙනු දක්නට වූ බවද පැවසේ.

මූලාශ්‍රය – දිනමිණ
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka