තමන්ගේ සිව් හැවිරිදි වියේ පසුවන දරුවා ඝාතනය කළ බවට සැකපිට ඉන්දියාවේ ජනප්‍රිය ආයතනයක ප්‍රධාන විධායක නිලධාරිනියක් එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන පුවතක් වාර්තා වනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ Suchana Seth නමැති කාන්තාවක් බවයි පැවසෙන්නේ. 39 හැවිරිදි මෙම කාන්තාව භෞතික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රීය උපාධිධාරිනියක් ද වේ.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඇය සිය කාර්යාලයේදී සිය කුඩා පුතු ඝාතනයට ලක්කර ගමන් මල්ලක දමා රැගෙන යමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
සිය සැමියා සමග ඇතිවූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවටයි එරට පොලීසිය සැකපළ කරන්නේ.