gossip lanka

වළගම්බා රජ්ජුරුවන්ගේ මැණික් පෙට්ටිය සොයා නිවසේ බිම හාරපු අයට හමුවුණ තෑග්ග

ගලේවෙල - පුවක්පිටිය වේරගලවත්ත ප්‍රදේශයේ වළගම්බා රජුගේ මැණික් පෙට්ටියක් සොයා තම නිවෙස්වල බිම හෑරූ කාන්තාවක් ඇතුලු පිරිමි පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ රාත්‍රියේදියි.

පොලිසිය එම ස්ථානයට යනවිටත් විදුලි ආලෝක දල්වාගත් ඔවුන් නිවස තුළින් අඩි විස්සක පමණ ගැඹුරු වළක් කැණ තිබූ බවයි පොලිසිය කියා සිටියේ.

නිවෙස් හිමි කාන්තාව අඳුනක් බලා ඔවුන්ගේම නිවාස දෙකක් තුළින් මහපොළොව යටින් වළගම්බා රජු තැන්පත් කළ මැණික් බහලූ පෙට්ටියක් ඇති බව ප්‍රකාශ කිරීමත් සමඟයි මෙම පිරිස කළක් තිස්සේ මෙම කැණීම් සිදුකර තිබුණේ.

මීට පෙර ඔවුන් මෙම නිවස ආසන්නයේ තවත් නිවසක මහපොළොව හාර පස් ඉවත් කොට නැවත කොන්ක්‍රීට් දමා වසා තිබූ අතර, අනෙක් නිවස කැණීම් කරන අවස්ථාවේදියි පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණේ.

එහිදී නිවස යට ඇති කළුගල් බෝරදමා ඉවත්කොට ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබුණා.
gossip lanka